අදානය සහ ඉකාමතය

අදානය සහ ඉකාමතය

4- මුඅද්දින් (සලාතය සඳහා අරයුම් කරන්නා)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ කවරෙකු: "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ, ලා ෂරීක ලහූ, වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, රළීතු බිල්ලාහි රබ්බන්, වබිමුහම්මදින් රසූලන්, වබිල් ඉස්ලාමි දීනන්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තාය. ඔහුගේ දූතයාය. යැයි සාක්ෂි දරමි. අල්ලාහ් පරමාධිපති බවත්, මුහම්මද් දූතයාණන් බවත්, ඉස්ලාමය දහම බවත්, පිළිගතිමි). යනුවෙන් පවසන්නේ ද ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය

5- කවරෙකු අදානය (සලාතය සඳහා වූ ඇරයුම)ට සවන්දුන් අවස්ථාවේ, اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ ("අහෝ මෙම පරිපූර්ණ ඇරයුම හා ඉටු කරනු ලබන සලාතයේ හිමිපාණනි! වසීලාව හෙවත් මැදිහත්වීම හා ෆළීලා හෙවත් මහිමය පිරිනමනු මැනව! ඔබ පොරොන්දු දුන් ප්‍රශංසනීය ස්ථානයේ ඔහුව අවදි කරනු මැනව!) යැයි පවසා සිටියේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත් වීම ඔහුට වලංගු විය." යැයි කීහ