إعدادات العرض
අහෝ බිලාල් ඔබ සලාත් ඉටු කරන්න; එමගින් සැනසුම ලබන්න
අහෝ බිලාල් ඔබ සලාත් ඉටු කරන්න; එමගින් සැනසුම ලබන්න
සාලිම් ඉබ්නු අබුල් ජඃද් තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසකු: මම සලාත් ඉටු කර සැනසුම ලැබිය යුතු නොවේ ද! යැයි පැවසීය. එය ඔවුන් ඔහුට දොස් නගන්නාක් මෙන් විය. එවිට ඔහු: අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා මෙසේ දන්වා සිටියේය: "අහෝ බිලාල් ඔබ සලාත් ඉටු කරන්න; එමගින් සැනසුම ලබන්න"
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe हिन्दी Tiếng Việt Hausa Kiswahili پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം తెలుగు Bosanski ಕನ್ನಡ Kurdî Română Soomaali Shqip Српски Українська Wolof Tagalog Moore தமிழ் Azərbaycan فارسی ქართული 中文 Magyar Português Deutsch Русский Македонски አማርኛ bm Malagasy Oromooالشرح
සහාබාවරුන් අතරින් මිනිසෙකු: 'මම සලාත් ඉටු කර විවේක ගත යුතු නොවේ ද' යැයි පැවසීය. එය ඔහු අවට සිටි අය ඒ සඳහා දොස් නගන්නාක් මෙන් විය. එවිට ඔහු 'අහෝ බිලාල්! ඔබ සලාතය සඳහා අදාන් උස් හඬින් පවසන්න. තවද ඒ සඳහා ඉකාමත් පවසන්න. එමගින් අපි සැනසුමට පත්වන්නෙමු. එය උත්තරීතර අල්ලාහ් සමග එහිදී ඇති කරගන්නා ඍජු සම්බන්ධතාවය හා හදවතට හා ආත්මයට දැනෙන සැනසුමයි'.යනු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තමාණන් පවසනු මම අසා ඇත්තෙමි.' යැයි කීය.فوائد الحديث
හදවතේ සැනසුම සලාතය තුළින් ඇති වේ. එහිදී උත්තරීතර අල්ලාහ් සමග ඍජු සම්බන්ධතා පවත්වන බැවිනි.
නැමදුම බරක් බවට පත් කර ගන්නා තැනැත්තා හෙළා දැකීම.
තමන්ට පැවරුණු අනිවාර්ය කටයුත්ත ඉටු කර තම වගකීමෙන් නිදහස් වන්නා, එතුළින් සැනසුම ලබන අතර තැන්පත්කම ඔහුට දැනෙනු ඇත.