إعدادات العرض
කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් දෙවියන්ට ආදේශ…
කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් දෙවියන්ට ආදේශ තැබුවේය
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම හෙතෙම: "නැත, කඃබාව මත දිවුරමින්" යැයි දිවුරා සිටි මිනිසෙකුට සවන් දුන්නේය. එවිට ඉබ්නු උමර් තුමා: "අල්ලාහ් නොවන දෑ මත දිවුරා නොසිටින්න. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි. එතුමාණෝ මෙසේ පැවසූහ. "කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් දෙවියන්ට ආදේශ තැබුවේය."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands தமிழ் دری Akan Български Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių नेपाली or Română Kinyarwanda тоҷикӣ O‘zbek Azərbaycan Moore Wolof Oromoo Soomaali Українська bm ភាសាខ្មែរ rn Српски ქართული Македонски Ελληνικά አማርኛ Malagasyالشرح
කවරෙකු අල්ලාහ් හැර වෙනත් දෙයක් මත හා ඔහුගේ නාම හා ගුණාංග හැර වෙනත් දෑ මත දිවුරා සිටියේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් ඔහුට ආදේශ තැබුවේය. හේතුව එසේ දිවුරා සිටීම දිවුරනු ලබන දෑ ගරුබුහුමන් කිරීමට ලක්වන බැවිනි. සැබැවින්ම එය අල්ලාහ් වෙනුවෙන් පමණක් විය යුතුය. එබැවින් අල්ලාහ් මත, ඔහුගේ ශුද්ධ වූ නාම හා ගුණාංග මත පමණක් දිවුරා සිටිය යුතුය. මෙලෙස දිවුරා සිටීම "අෂ්-ෂිර්කුල් අස්ගර්" හෙවත් කුඩා පරිමාණයේ ආදේශ කිරීම ලෙස සැලකේ. නමුත් දිවුරා සිටින්නා දිවුරන දෑ උත්තරීතර අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමක් ලෙස හෝ ඊටත් වඩා අධික ලෙස මහිමයට පත් කළේ නම්, එවිට එය මහා ෂිර්ක් ගණයට අයත් වනු ඇත.فوائد الحديث
සැබැවින්ම දිවුරා ගරුබුහුමන් කිරීම උත්තරීතර ශුද්ධ වූ අල්ලාහ්ට පමණක් සතු අයිතියකි. එබැවින් අල්ලාහ්, ඔහුගේ නාම හා ගුණාංග මත හැර වෙනත් කිසිවක් මත දිවුරා නොසිටිය යුතු ය.
යහපත විධානය කර අයහපතින් වැළැක්වීම සඳහා සහාබාවරු උනන්දු වූහ. විශේෂයෙන් පිළිකුල් සහගත යමක් දේව ආදේශය හා දේව ප්‍රතික්ෂේපය හා බැඳී පැවතුණු විටෙක ඒ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූහ.
التصنيفات
දේව ආදේශය