මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන…

මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය."

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

الشرح

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ් මත දිවුරමින්, සැබැවින්ම මෙම සමාජය තුළ යුදෙව් හෝ කිතුනු හෝ වෙනත් කිසිදු ප්‍රජාවකින් කිසිවෙකු හෝ තමන් ගැන ගැන සවන් දී, නබි තුමාණන්ගේ ඇරයුම ඔහු වෙත ළඟා වී, පසුව ඒ ගැන විශ්වාස නොකරම මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු වූ බවත් ඔහු එහි සදාතනිකව පසුවන බවත් පවසා සිටියහ.

فوائد الحديث

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ දූත පණිවිඩය ලොව සියලු දෙනා හට කෙරෙන පොදු ඇරයුමක් විය. එතුමාණන්ව අනුගමනය කිරීම අනිවාර්යවේ. එතුමාණන් ගෙන ආ පිළිවෙත සෙසු සියලු පිළිවෙත් සංශෝධනය කළේය.

කවරෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ප්‍රතික්ෂේප කළේ ද, එතුමාණන් හැර වෙනත් නබිවරුන් පිළිබඳව පවතින ඔහුගේ ස්ථීර විශ්වාසය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. ඔවුන් සියලු දෙනා හටම අල්ලාහ්ගේ ආශිර්දය ලැබේවා!

කවරෙකුට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන දැන ගන්නට නොලැබුණේ ද. ඉස්ලාමයේ ඇරයුම ඔහු වෙත ළඟා නොවූයේ ද එවැන්නන් හට නිදහසට කරුණ ඇත. එවැනි අයගේ විෂයය මතුලොවෙහි අල්ලාහ් වෙතම පවතී.

මරණයට සුළු මොහොතකට පෙර වුව ද, ප්‍රාණය උගුරු දණ්ඩ දක්වා ළඟා නොවුණු තත්ත්වයේ දැඩි රෝගාබාධයකින් පෙළුණ ද ඉස්ලාමය ප්‍රයෝජනවත් වන බව සහතික කෙරේ.

දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ධර්මය නිවැරදි යැයි සහතික කිරීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි. යුදෙව් හා කිතුනුවන් ද ඒ අතරින් වෙති.

මෙම හදීසයේ යුදෙව්වන් හා කිතුනුවන් ගැන සඳහන් කර ඇත්තේ සෙසු ප්‍රජාවන්ටත් ඇඟවීමක් කරමිනි. ඊට හේතුව යුදෙව්වන් හා කිතුනුවන් ආගම් ලත් ජනයා වීමය. ඔවුන්ගේ කරුණම එසේ නම්, ආගම් නොලැබූ සෙසු ජනයාගේ තත්ත්වය ඊටත් වඩා බරපතලය. ඔවුන් සියලු දෙනාම එතුමාණන්ගේ පිළිවෙතට පිවිසිය යුතු අතර එතුමාණන්ට අවනත විය යුතුය.

التصنيفات

අපගේ වක්තෘ මුහම්මද් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!)