යමෙකු තමාට හෝ අන් අයට හානියක් නොකළ යුතුය

යමෙකු තමාට හෝ අන් අයට හානියක් නොකළ යුතුය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් සඃද් ඉබ්නු මාලික් ඉබ්නු සිනාන් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "යමෙකු තමාට හෝ අන් අයට හානියක් නොකළ යුතුය."

[حسن] [رواه ابن ماجه والدارقطني وغيرهما مسندًا]

الشرح

විවිධාකාරයෙන් මතුවන හිංසාවන් තමන්ගෙන් සහ අන් අයගෙන් දුරු කළ යුතු බවත්, එබැවින් තමාට හෝ අන් අයට හෝ හානි කිරීමට කිසිවකුට අවසර නොමැති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. හානියට හානියක් ලෙස ප්‍රතිචාර දැක්විය යුතු ද නැත. හේතුව එකම ආකාරයේ දෙයකින් හානිය ඉවත් කළ නොහැකි වීමයි. නමුත් සීමාව ඉක්මවා නොගොස් සමප්‍රතිචාරයක් වශයෙන් ලබා දෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවසර ඇත.

فوائد الحديث

එක සමානව මිස අධික ලෙස ප්‍රතිචාර දැක්වීමේ තහනම.

අල්ලාහ් තම ගැත්තන්හට හිංසා කරන යමක් ඔවුනට නියෝග කළේ නැත.

මෙම හදීසය වචනයෙන්, ක්‍රියාවෙන්, හෝ මඟ හැරීමකින් හිංසා කිරීම හා හිංසාවට ලක්වීම තහනම් බව පෙන්වා දෙන රීතිමය ප්‍රකාශයකි.

ෂරියා නීතියේ එක් මූලධර්මයක් නම් “හිංසාව ඉවත් කරනු ලැබේ.” ෂරියා, හිංසාව අනුමත නොකරන අතර හිංසා කිරීම ප්‍රතික්ෂේප කරයි.