إعدادات العرض
මම කවර කරුණක් ගෙන ආවේ ද එය පිළිපැදීම ඔබ අතරින් කිසිවකුට ප්‍රිය මනාප වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කළ අයකු නොවන්නේය
මම කවර කරුණක් ගෙන ආවේ ද එය පිළිපැදීම ඔබ අතරින් කිසිවකුට ප්‍රිය මනාප වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කළ අයකු නොවන්නේය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ මුහම්මද් අබ්දිල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "මම කවර කරුණක් ගෙන ආවේ ද එය පිළිපැදීම ඔබ අතරින් කිසිවකුට ප්‍රිය මනාප වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කළ අයකු නොවන්නේය."
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch پښتو অসমীয়া Shqip Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof Azərbaycan O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayuالشرح
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ නියෝගයක්, තහනම් නියෝගයක් මෙන්ම වෙනත් කවර හෝ කරුණක් පිළිපැදීම පුද්ගලයකුට වඩාත් ප්‍රිය ජනක කටයුත්තක් වන තෙක් ඔහු සම්පූර්ණයෙන්ම විශ්වාසය සහිත කෙනෙකු වන්නේ නැති බව එතුමාණෝ පැහැදිළි කළහ. එබැවින් එතුමාණන් කවර කරුණක් නියෝග කළේ ද එයට ප්‍රිය කළ යුතු අතර කවර කරුණක් තහනම් කළේ ද එය පිළිකුල් කළ යුතුය.فوائد الحديث
මෙය ෂරීආ පිළිවෙතට අවනත වීමේ හා එයට යටත් වීමේ රීතිය පෙන්වා දෙන හදීසයකි.
බුද්ධිය හා පුරුදු පදනම් කර ගනිමින් තීන්දු දීම, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් ගෙන ආවේ ද එයට වඩා මෙයට ප්‍රමුඛත්වය දීම ගැන මිනිසාට කෙරෙන අවවාදය. එසේ සිදු කරන්නා දේව විශ්වාසය නොමැත්තෙකු වේ.
සෑම කටයුත්තකම ෂරීආ පිළිවෙත අනුව තීන්දු දිය යුතුය. එය "මම කවර දෙයක් ගෙන ආවේ ද එය" යන එතුමාණන්ගේ ප්‍රකාශයට අනුව ය.
සැබැවින්ම, අවනත වීමෙන් දේව විශ්වාසය වැඩි වන අතර පිටුපෑමෙන් අඩු වී යනු ඇත.
