إعدادات العرض
සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙයි. නමුත් සෑබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ඔහුගේ…
සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙයි. නමුත් සෑබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ඔහුගේ ඥාතීන් සම්බන්ධතා ඔවුන් විසින් බිඳ දැමුව ද ඔහු එය පවත්වා ගනියි
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙයි. නමුත් සෑබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ඔහුගේ ඥාතීන් සම්බන්ධතා ඔවුන් විසින් බිඳ දැමුව ද ඔහු එය පවත්වා ගනියි."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം မြန်မာ Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands తెలుగు Kiswahili தமிழ் ไทย دری Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda тоҷикӣ O‘zbek Akan नेपाली Moore Azərbaycan Wolof Oromoo Soomaali Українська km bm rn ქართული Македонски Српски Lingalaالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසයි: සැබැවින්ම ඥාතී සම්බන්ධකම් සුරැකීමේ දී හා සමීප ඥාතීන් සමඟ දැහැමි අයුරින් කටයුතු කිරීමේ දී පූර්ණවත් මිනිසා, යහපත බලාපොරොත්තු වෙන් යහපත කරන කෙනෙකු නොවන බව දන්වා සිටියේය. නමුත් පූර්ණවත් ලෙස සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා, ඔහුගේ ඥාතිත්වය අනෙකා විසින් බිඳ දැමුව ද, ඔවුන් ඔහුට නපුරක් කළ ද එම සම්බන්ධතාව අඛණ්ඩව සුරකියි. ඔවුන් වෙත උපකාරශීලීව කටයුතු කරයි.فوائد الحديث
ආගමික වශයෙන් ඥාතී සම්බන්ධකම් පැවැත්වීම යනු: ඔබව ඉවත් කළ තැනැත්තන් සමග සම්බන්ධකම් පැවැත්වීම, ඔබට අපරාධයක් කළ තැනැත්තන්ට ඔබ සමාව දීම, ඔබේ අයිතිය තහනම් කළ තැනැත්තන්ට පිරිනැමීම ය. යම් ප්‍රතිලාභයක් හෝ ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන් ඥාතී සම්බන්ධකම් පවතින්නේ නැත.
මුදලින් උපකාර කිරීම, ප්‍රාර්ථනා කිරීම, යහපත විධානය කිරීම, අයහපතින් වැළැක්වීම යනාදියෙන් ඔබට හැකි දෑ ඔවුනට ලැබෙන්නට සැලැස්වීමෙන් හා ඔවුනට අත්වුණු පීඩාවක් ඉවත් කළ හැකි නම් එය ඔවුන්ගෙන් ඉවත් කිරීමෙන් ඥාතී සම්බන්ධකම් සුරැකිය යුතුය.
التصنيفات
මුස්ලිම් සමාජය