إعدادات العرض
කවරෙකු යම් යහපතක් වෙත මඟ පෙන්වන්නේ ද එය සිදු කළ තැනැත්තාගේ ප්රතිඵල මෙන් ඔහුට ද හිමිවනු ඇත
කවරෙකු යම් යහපතක් වෙත මඟ පෙන්වන්නේ ද එය සිදු කළ තැනැත්තාගේ ප්රතිඵල මෙන් ඔහුට ද හිමිවනු ඇත
අබූ මස්ඌද් අල්අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "සැබැවින්ම නැග යන්නට සතෙකු නොමැතිව මම පසුබට වී සිටිමි. එහෙයින් මා නංවාගෙන යන සතෙකු සූදානම් කර දෙන්නැ"යි පවසා සිටියේය. එවිට එතුමාණෝ "මා සතුව එවැන්නක් නැත" යැයි පැවසූහ. එවිට මිනිසකු, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහුව නංවාගෙන යන අයකු මම පෙන්වා දෙන්නම්" යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: “කවරෙකු යම් යහපතක් වෙත මඟ පෙන්වන්නේ ද එය සිදු කළ තැනැත්තාගේ ප්රතිඵල මෙන් ඔහුට ද හිමිවනු ඇත.”
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands ئۇيغۇرچە دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Wolof Soomaali Български Українська Azərbaycan ქართული тоҷикӣ bm Македонски Ελληνικά ភាសាខ្មែរ አማርኛ Italiano Malagasy Oromooالشرح
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ "මා ප්‍රවාහනය කරන සත්වයා මිය ගොස් ඇත. මා නංවා ගෙන යන්න. (අදාළ ස්ථානය වෙත) මා ළඟා කරන අයුරින් නැග යන්නට වාහනයක් ලබා දෙන්නැ"යි ඉල්ලා සිටියේය. නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එසේ ඔහුව නංවාගෙන යන යමක් තමන් සතුව නැතැයි පවසා නිදහසට හේතු දක්වා සිටියහ. එවිට ඒ අසළ සිටි මිනිසකු, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහුව නංවාගෙන යන කෙනෙකු මම ඔහුට පෙන්වා දෙන්නම්." යැයි කීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "සැබැවින්ම දානය ලබා දෙන්නාට සතු කුසලින් ඔහු ද කොටස් කරුවකු බව පෙන්වා දුන්හ. හේතුව අවශ්‍යතාවෙන් පෙළෙන්නාට ඔහු මඟ පෙන්වා ඇති බැවිනි.فوائد الحديث
යහපත වෙත මඟ පෙන්වන්නට උනන්දු කිරීම.
යහපත කිරීමට දිරිගැන්වීම, මුස්ලිම් ප්‍රජාවගේ සමගියට, සහයෝගීතාවයට සහ ඒකාග්‍රතාවයට එක් හේතුවකි.
සර්වලධාරී අල්ලාහ්ගේ ආශිර්වාදයේ විශාලත්වය.
මෙම හදීසය පොදු රීතියකි. එහි සියලුම යහපත් කටයුතු ඇතුළත් වේ.
ඉල්ලීම් කරන්නාගේ අවශ්‍යතාවය ඉටු කිරීමට පුද්ගලයෙකුට නොහැකි නම්, ඔහු ඔහුව වෙනත් කෙනෙකු වෙත යොමු කළ යුතුය.