“මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම…

“මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අසභ්‍ය දෑ කතා කරන, අශීලාචාර ක්‍රියා කරන අය කෙරෙහි කෝප වේ

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අසභ්‍ය දෑ කතා කරන, අශීලාචාර ක්‍රියා කරන අය කෙරෙහි කෝප වේ."

[එම හදීසයේ වාර්තාවන් දෙක සමග පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.]

الشرح

මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ක්‍රියාවන් හා ප්‍රකාශ අතරින් වඩාත් බරැති දෑ වනුයේ යහපත් ගුණදම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය. එනම් සිනහ මුසු මුහුණ, හානි සිදුකිරීමෙන් ඉවත් වීම හා යහපත සිදු කිරීමය. ක්‍රියාවෙහි හා ප්‍රකාශයෙහි අශීලාචාරව කටයුතු කරන්නා කෙරෙහි හා ප්‍රකාශයෙහි අසභ්‍ය දෑ තෙපලන්නා කෙරෙහි උත්තරීතර අල්ලාහ් උරණ වේ.

فوائد الحديث

යහපත් ගුණදම්වල මහිමය: සැබැවින්ම එය අදාළ තැනැත්තාට අල්ලාහ්ගේ ආදරය, ඔහුගේ ගැත්තන්ගේ ආදරය උරුම කර දෙයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිරනු ලබන දැයින් වඩාත් බලවත්ම දෑ එය වන්නේය.

التصنيفات

ප්රශංසනීය සාරධර්ම, කතා කිරීමේ හා නිහඬවීමේ ආචාරධර්ම