සලාතයේ ඇරයුම ඔබට ඇසෙන්නේද? යැයි විමසා සිටියහ. ඔහු: ‘ඔව්’ යැයි පිළිතුරු දුනි. එතුමාණෝ: ‘එසේනම් පිළිතුරු දෙනු.’”…

සලාතයේ ඇරයුම ඔබට ඇසෙන්නේද? යැයි විමසා සිටියහ. ඔහු: ‘ඔව්’ යැයි පිළිතුරු දුනි. එතුමාණෝ: ‘එසේනම් පිළිතුරු දෙනු.’” යැයි පැවසූහ

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “අන්ධ මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයාණෙනි! මාව මස්ජිදය වෙත කැටුවාගෙන යන්නට කිසිදු මෙහෙකරුවකු නැත යැයි පවසා තම නිවසේ සලාතය ඉටු කිරීමට අවසරය ඉල්ලා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට අවසරය දුන්හ. පසුව ඔහු හැරුණු විට නැවත ඔහුව අමතා: ‘සලාතයේ ඇරයුම ඔබට ඇසෙන්නේද? යැයි විමසා සිටියහ. ඔහු: ‘ඔව්’ යැයි පිළිතුරු දුනි. එතුමාණෝ: ‘එසේනම් පිළිතුරු දෙනු.’” යැයි පැවසූහ.

[صحيح] [رواه مسلم]

الشرح

අන්ධ මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ, "අල්ලාහ්ගේ දූතයාණෙනි! මා මස්ජිදය වෙත අතින් අල්ලාගෙන යන්නට කිසිදු උදව්කරුවකු මට නැතැයි" පවසා සමූහ සලාතය අත්හැර තම නිවසේ සලාතය ඉටු කිරීමට අවසර ඉල්ලා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට අවසර දුන්හ. පසුව ඔහු හැරී යන විට, ඔහුව අමතා: සලාතය සඳහා අදාන් ඔබට ඇසෙන්නේදැ?යි විමසා සිටියහ. ඔහු: ‘ඔව්’ යැයි පිළිතුරු දුන්නේය. එතුමාණෝ: "එසේනම්, සලාතයට ඇරයුම් කරන්නාට පිළිතුරු දෙන්න" යැයි පැවසූහ.

فوائد الحديث

සමූහ සලාතය අනිවාර්යය. සැබැවින්ම අත්‍යවශ්‍ය හා අනිවාර්යය කටයුත්තකදී හැර වෙනත් අවස්ථාවල සහන පිළිපදිනු නොලැබේ.

"එසේ නම් ඔබ පිළිතුරු දෙන්න" යන එතුමාණන්ගේ ප්‍රකාශය වනාහි, අදානයට සවන් දෙන තැනැත්තාට සමූහ සලාතය අනිවාර්යය වන බව පෙන්වා දෙයි. හේතුව, කටයුත්තේ මූලාරම්භය අනිවාර්යය වන බැවිනි.

التصنيفات

සාමූහික සලාතයේ මහිමය හා එහි නීති