إعدادات العرض
පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම, ධෛර්‍යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි, අප මත යම් බලපෑමක් ඇති වුව ද සවන් දීමටත්…
පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම, ධෛර්‍යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි, අප මත යම් බලපෑමක් ඇති වුව ද සවන් දීමටත් අවනත වීමටත් අපි අල්ලාහ්ගේ දූතයාණන් හට ප්‍රතිඥා දුන්නෙමු
උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම, ධෛර්‍යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි, අප මත යම් බලපෑමක් ඇති වුව ද සවන් දීමටත් අවනත වීමටත් අපි අල්ලාහ්ගේ දූතයාණන් හට ප්‍රතිඥා දුන්නෙමු. අදාළ කටයුත්ත විෂය භාර උදවියගෙන් ඉවත් නොකරන බවටත් අප කොතැනක සිටියත් සත්‍යය ප්‍රකාශ කරන බවටත් අල්ලාහ් විෂයයෙහි දොස් නගන කිසිවකුගේ දොසකට බිය නොවන බවටත් (අපි එතුමාණන්ට ප්‍රතිඥා දුන්නෙමු.)
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands Hausa ไทย دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली Malagasy Italiano or ಕನ್ನಡ Oromoo Română Soomaali Српски Wolof Українська Moore Azərbaycan ქართული Magyarالشرح
පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම පෙහොසත් හා දිළිඳු අවස්ථාවන්හි කටයුතු භාර අයගේ හා පාලකයින්ගේ නියෝග තමන්ට කැමති හෝ අකමැති වුව ද ඔවුනට අවනත වීම විෂයයෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහාබාවරුන්ගෙන් ප්‍රතිඥා ගත්හ. එය කෙතරම් දුරට ද යත්, පොදු අරමුදල්, නිලතල මෙන්ම වෙනත් දෑ භාරකරුවන් විසින් අවභාවිතා කළ ද, සැබැවින්ම යහපත් කටයුතුවලදී ඔවුනට සවන් දීම හා අවනත වීම අනිවාර්යය කර ඇත්තාහ. ඔවුනට එරෙහිව බැහැර නොවිය යුතුය. හේතුව ඔවුන් සමග සටන් කිරීමේදී ඇතිවන අර් බූදය හා කලහකාරිත්වය ඔවුන්ගේ අපරාධ හේතුවෙන් ඇතිවන අර් බුද හා කලහකාරීත්වයට වඩා බරපතල වන බැවිනි. තමන් සමග ගිවිසගත් දෑ සම්බන්ධයෙන් අල්ලාහ් වෙනුවෙන් එහි දී අවංකයින් ලෙස සෑම තැනකම සත්‍යය පැවසීමට බැඳී ඇත. දොස් නගන්නන්ගේ දොසට ඔවුන් බිය වන්නේ නැත.فوائد الحديث
කටයුතු භාර උදවියට සවන් දීමේ හා අවනත වීමේ ප්‍රයෝජනය වනුයේ මුස්ලිම්වරුන්ගේ ප්‍රකාශයේ එක්සත්කම හා බෙදීමෙන් දුරස්වීමයි.
අල්ලාහ්ට පිටුපාන කටයතුවලදී හැර පහසුකම් මෙන්ම දුෂ්කර අවස්ථාවන්හි ද කැමති මෙන්ම අකමැති අවස්ථාවන්හි ද කටයුතු භාර බලධාරීන් ට සවන් දීමේ හා අවනත වීමේ අනිවාර්යය භාවය. එයින් ඵලදායීවන බලපෑම.
දෝෂාරෝපණය කරන කිසිවකුගේ දෝශාරෝපණයට බිය නොවී අප කොහි සිටියත් අල්ලාහ් වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කළ යුතුය.