إعدادات العرض
“කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද,අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති…
“කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද,අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති කරන්නේ ද, අල්ලාහ් ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු ඇත.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සිර්මා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද,අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති කරන්නේ ද, අල්ලාහ් ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු ඇත.”
[හසන් ගණයට අයත් හදීසයකි]
الترجمة
ar bn bs en es fa fr id ru tl tr ur zh hi vi ku ha pt ml te sw my de ja ps as sq sv cs gu yo nl ug ta prs ff hu kn ky lt or ro rw sr uz mos ne wo so bg uk az ka tg bm mk el km mg omالشرح
මුස්ලිම්වරයකුට ඔහුගේ ජීවිතයේ, හෝ ඔහුගේ ධනයේ හෝ ඔහුගේ පවුලේ හෝ යම් කටයුත්තක දී හිංසා පීඩා සිදු කිරීම හා දුෂ්කරතා එකතු කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවවාද කර ඇත. කවරෙකු එසේ සිදු කළේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට ප්‍රතිවිපාක දෙන අතර අදාළ ක්‍රියාවෙන්ම ඔහුට දඬුවම් දෙනු ඇත.فوائد الحديث
මුස්ලිම්වරයකුට හිංසා පීඩා ඇති කිරීමේ හා දුෂ්කරතා පමුණුවීමේ තහනම.
අල්ලාහ් තම ගැත්තන්හට සම ප්‍රතිචාර දැක්වීම.