إعدادات العرض
1- සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාගේ බිරියකට සිප, වුළු නොගෙනම සලාතය සඳහා පිටත්ව ගියහ.
2- එය ඔහුගෙන්ම වූ මස් කැබැල්ලක් නොවේද?
3- ඔබ අතරින් කිසියම් කෙනෙකු තම කුසෙහි යමක් හට ගෙන, එය පිට වූයේ ද නැත්දැයි ඔහුට ගැටලුවක් ඇති වූ විට, හඬක් අසෙන තෙක් හෝ ගන්ධයක් දැනෙන තෙක් හෝ සුජූද් කරන තැනින් ඔහු ඉවත්ව නොයා යුතුය
4- අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සහගාමීහූ, එතුමාගේ කාලයේ, තම හිස් (නිදිමත හේතුවෙන්) පහත්වන තරමට ඉෂා (සලාතය) බලාපොරොත්තුවෙන් සිටින්නන් වූහ. පසුව ඔවුන් සලාතය ඉටු කළහ. නමුත් ඔවුහු වුළූ කරන්නන් ලෙස නොසිටියහ.
5- කවරෙකු තම ලිංගය ස්පර්ශ කළේද ඔහු වුළූ ධෝවනය කරත්වා!