“මියගිය තැනැත්තන් හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ඔවුන් ළඟා වී ඇත.”

“මියගිය තැනැත්තන් හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ඔවුන් ළඟා වී ඇත.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: “මියගිය තැනැත්තන් හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ඔවුන් ළඟා වී ඇත.”

[صحيح] [رواه البخاري]

الشرح

මිය ගිය ඇත්තන්ට දොස් නැගීම, ඔවුන්ගේ මාන්‍යය කෙළසෙන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි පැහැදිලි කරයි. සැබැවින්ම එය දුෂ්චරිත අතරින්ය. ඔවුන් ඉදිරිපත් කළ ධර්මිෂ්ඨ හෝ අධර්මිෂ්ඨ ක්‍රියා වෙත ඔවුන් ළඟා වී ඇත. එමෙන්ම නගන දොස් ඔවුන් වෙත ළඟා වන්නේ ද නැත. සැබැවින්ම එමගින් වේදනා විඳිනුයේ ජීවතුන් අතර සිටින්නෝ වෙති.

فوائد الحديث

මියගිය ඇත්තන්හට දොස් නැගීම තහනම් කර ඇති බව මෙම හදීසය පෙන්වා දෙයි.

ජීවත්ව සිටින අයගේ යහපත සැලකිල්ලට ගනිමින් සහ කලහකාරිත්වයෙන් හා වෛරයෙන් සමාජයේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මළවුන්ට දොස් නැගීමෙන් වැළකී සිටීම.

ඔවුන්ට බැණ වැදීම තහනම් කර තිබීමේ ප්‍රඥාව වනුයේ ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙත ඔවුන් ළඟා වී ඇති බැවින්, ඔවුනට දොස් නැගීම ප්‍රයෝජනවත් නොවන නිසාවෙනි. එහි ජීවත්ව සිටින ඔහුගේ ඥාතීන් වේදනා විඳිනු ඇත.

යහපත නැති දෑ කතා කිරීම මිනිසාට යුතු නැත.

التصنيفات

මහිමයන් සහ ආචාරධර්ම, මරණය හා එහි නීති