හීන හා බැඳුණු ආචාරධර්ම

හීන හා බැඳුණු ආචාරධර්ම

1- “ඔබ අතරින් කිසිවකු හෝ තමන් ප්‍රිය කරන සිහිනයක් දුටුවේ නම්, සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් වූවකි. එබැවින් ඒ සඳහා ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුය. ඒ ගැන කතා කළ යුතුය. ඒ හැර තමන් පිළිකුල් කරන යමක් දුටුවේ නම්, සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වූවකි. එවිට එහි හානියෙන් ඔහු ආරක්ෂාව පැතිය යුතු අතර එය කිසිවකුට නොපැවසිය යුතුය. මන්ද සැබැවින්ම එය ඔහුට හානිදායක නොවන්නේමය.”