إعدادات العرض
1- මා කවර කරුණකින් නුඹලාව වළක්වා ඇත්තේ ද එයින් නුඹලා වැළකෙනු. තවද මා කවර කරුණක් නුඹලාට නියෝග කර ඇත්තේ ද නුඹලාට හැකි පමණින් එය ගෙන එනු. නුඹලාට පෙර සිටියවුන් විනාශ වී ගියේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා ඔවුන් නබිවරුන් ගැන දැරූ මතභේද හේතුවෙනි.
2- සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ දන්නෙහි ද?
3- ඉස්රාඊල් දරුවෝ තමන්ගේ භාරකරුවන් බවට නබිවරුන් පත් කර ගත්තෝය. නබිවරයකු ඉකුත්ව ගිය සෑම කලකම ඔහුගෙන් පසුව තවත් නබිවරයකු විය. සැබැවින්ම මට පසුව කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු වෙති. ඔවුහු අධිකව සිටිති.
4- කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය
5- අපට පිරිනමනු ලැබිය යුතු දෑ මෙලොවෙහි අපට පිරිනමනු ලැබීය. අපගේ කුසල් අපට ඉක්මන් කර දෙනු ලබනු ඇතැයි සැබැවින්ම අපි බිය වීමු.