إعدادات العرض
1- ස්වර්ග වාසීන් අතරින් මිනිසෙකු දෙස බලන්නට කවරෙකුට ප්රිය මනාප වන්නේ ද ඔහු මොහු දෙස බලත්වා!
2- ඔබට අප සලාම් කිව යුත්තේ කෙසේ දැයි සැබැවින්ම අල්ලාහ් අපට උගන්වා ඇත. නමුත් ඔබ වෙත අපි සලවාත් (ආශිර්වාද) පැවසිය යුත්තේ කෙසේ ද? එවිට එතුමා නුඹලා “අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෙයිත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්, වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්.” යනුවෙන් පවසනු යැයි පැවසූහ.
3- යම් දැනුමක් සම්බන්ධයෙන් යමෙක් විමසනු ලැබ, ඔහු එය වසන් කළේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නෙන් වූ නාස් පටියකින් ඔහුට නාස් පටි පළන්ඳවනු ලැබේ.
4- අපගෙන් යමක් සවන් දී එය ඔහු සවන් දුන් පරිදිම දන්වා සිටි පුද්ගලයාව අල්ලාහ් අලංකාර කරත්වා!
5- අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-දේශනාවක් කරමින් සිටියදී එතුමා වෙත මම පැමිණියෙමි.
6- අහෝ ජනයිනි, කවරෙකු යමක් ගැන දන්නේද එය පවසා සිටිත්වා. කවරෙකු නොදන්නේද ඔහු අල්ලාහු අඃලම් (මැනවින් දන්නා අල්ලාහ් වේ) යැයි පවසා සිටිත්වා. තමන් නොදන්නා දෑට මැනවින් දන්නා අල්ලාහ් වේ යැයි පවසා සිටීම දැනුම අතුරින් වූවකි.
7- නියත වශයෙන්ම අල්ලාහ් දැනුම ජනයා අතුරින් උගුලා එය අත්පත් කර ගන්නේ නැත. නමුත් දැනුම අත්පත් කර ගනුයේ විද්වතුන් අත්පත් කර ගැනීමෙනි.
8- අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා, සිදු වූ දෑ පිළිබඳවත් සිදුවන්නට තිබෙන දෑ පිළිබඳවත් අපට දැනුම් දුන්හ. එවිට අප අතුරින් මැනවින් වටහා ගත් අය, අප අතුරින් වඩාත් මතක ශක්තිය ඇති උදවිය වූහ.