إعدادات العرض
1- දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වඩාත් පූර්ණතම අය වනුයේ ඔවුන් අතර සිටින ගතිගුණවලින් වඩාත් අලංකාර අය වෙති. නුඹලා අතර උතුම් වනුයේ තම බිරියන්ට වඩාත් උතුම් වන අය වෙති.
2- පුරුෂයකු තම අවශ්‍යතාව සඳහා තම බිරියව ඇරයුම් කළ විට, ඇය ලිප මොළවමින් සිටිය ද ඔහු වෙත ඇය යා යුතු වේ.
3- නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන්නෙකි. නායකයා මෙහෙයවන්නෙකි. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබනු ඇත.
4- මෙලොවෙහි කාන්තාවක් තම සැමියාට හිංසා නොකළ යුතුය. එවිට දැකුම්කළු (ස්වර්ග) ලලනාවන් අතුරින් වූ ඔහුගේ (ස්වර්ග) බිරිය, “ඔබ ඔහු පීඩාවට පත් නොකරනු. අල්ලාහ් ඔබට ශාප කරත්වා! සැබැවින්ම ඔහු ඔබ අබියස අමුත්තෙකු පමණි. ඔහු ඔබෙන් වෙන් වී අප වෙත ඉතා සමීපයෙන් පැමිණෙනු ඇත.“ යැයි පවසනු මිස නැත.
5- කිසියම් කෙනෙකුට හෝ සුජූද් කරන මෙන් කිසිවකුට මම නියෝග කර ඇත්තේ නම්, බිරිය, තම සැමියාට සුජූද් කරන මෙන් මම නියෝග කර ඇත්තෙමි.