إعدادات العرض
1- අශුභවාදකම් කියන්නා හා එසේ අශුභවාද පවසනු ලබන්නා හෝ ඉන්ද්රජාලකම් කරන්නා හා ඉන්ද්රජාලකම් කරනු ලබන්නා හෝ හූනියම් කරන්නා හා ඔහුට හූනියම් කරනු ලබන්නා මෙන්ම සාස්තර කියන්නකු වෙත පැමිණ ඔහු පවසන දෑ ස්ථීර කරන්නා යන කිසිවකුත් අප අතරින් නොවන්නේය. සැබැවින්ම ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලැබූ දෑ ප්රතික්ෂේප කළේය.
2- කවරෙකු තාරකා සාස්ත්රයෙන් කොටසක් හැදෑරුවේ ද සැබැවින් ඔහු ඉන්ද්රජාලයෙන් කොටසක් හදාරා ඇත්තේය. එය වැඩිවන තරමට වැඩි වනු ඇත.
3- මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය."
4- සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්රතික්ෂේප කළේය
5- හූනියම් දන්නා අයකුට මිස හූනියම ලිහිය නොහැක.
6- “ඔබේ පරමාධිපතියාණන් පැවසූ දේ ඔබ දන්නවා ද?” යැයි විමසූහ. ඔවුහු: 'මැනවින් දන්නෝ අල්ලාහ් සහ ඔහුගේ දූතයා ය" යැයි ඔවුහු පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “මාගේ ගැත්තන් අතරින් මා විශ්වාස කරන අය සහ මා ප්රතික්ෂේප කරන අය උදය වරුව ලැබුවෝය