إعدادات العرض
1- ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු
2- අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රිය කරන; එමෙන්ම අල්ලාහ්ව හා ඔහුගේ දූතයාණන්ව ප්රිය කරන පුද්ගලයකුට හෙට දින ධජය මම පිරිනමමි. ඔහුගේ අතින් අල්ලාහ් ජය ලබා දෙනු ඇත.
3- ගමනේදී උපවාසයේ නිරත වීම සම්බන්ධයෙන් මිනිසෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසා සිටියේය. “එවිට එතුමා ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති නම් එයින් මිදෙනු.“ යැයි පවසා සිටියහ.
4- අල්ලාහ්ගේ දූතයාණන් වැසිකිළියට පිවිසුණහ. එවිට මම ද මා මෙන් වූ දරුවකු ද කුඩා ජල බඳුනක් ද හමින් නිම කරන ලද කුඩා ජල උරයක් ද උසුලාගෙන සිටියෙමි. පසුව එතුමා ජලයෙන් පිරිසිදු කර ගත්හ.
5- ‘ඔබතුමා කිබ්ලා නොවන දිශාවට හැරී සලාතය ඉටු කරනු දුටුවෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා ‘සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ සිදු කරනු දැක නැත්නම් මම ද එය සිදු නොකරමි. යැයි පැවසුවේය.
6- සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන්ට යමක් සිදු කරන අන්සාර්වරුන් දුටුවෙමි. ඔවුන් අතුරින් කිසිවකු සමග මම මිතුදම් පාන්නේ නම් ඔහුට සේවය කරමින් මිස මිතුදම් නොපාන බවට මාගේ සිත තුළ මම දිවුරා ගතිමි.
7- නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අනුගාමිකයින් අතුරින් මිනිසුන් දෙදෙනෙකු ඝණාන්ධකාර රැයක නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අසළ සිට පිටත්ව ගිය කල්හි ඔවුන් දෙදෙනා අතර පහන් දෙකක් මෙන් යමක් ඔවුන් දෙදෙනා සමග විය.
8- ස්වල්පයක් ක්රියා කොට බොහෝමයක් ප්රතිලාභ ලැබීය.
9- අහෝ අන්සාර්වරුනි! නුඹලා ව නොමග ගිය තත්ත්වයේ මා නුඹලා ව දැක, පසු ව අල්ලාහ් මා විසින් නුඹලාට මග පෙන්වූයේ නැති ද? තවද නුඹලා බෙදුම්වාදීන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලා ව එක්සේසත් කළේය. තවද නුඹලා දිළින්දන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලාව ධනවත් කළේය.
10- ජිබ්රීල් අලය්හිස් සලාම් තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ: ඔබ අතර සිටින බද්ර් වාසීන් ගැන ඔබ ගණන් ගෙන ඇත්තේ කුමක් දැ?යි විමසා සිටියහ. එතුමා, “ඔවුහු මුස්ලිම්වරුන් අතර සිටින වඩාත් භාග්යමත්ම උදවිය“ යැයි පැවසූහ.
11- අල්ලාහ් අබියස අල්ලාහ්ගේ දූතයාණන්ට ඇති යහපත කුමක්දැයි නොදැන සිටීම ගැන මම නොඅඬමි. නමුත් අහසින් වහී පහළ වීම නතර විය. එවිට ඇය ඔවුන් දෙදෙනාද අඬන්නට සැළැස්වූවාය.ඔවුන් දෙදෙනාද ඇය සමඟ අඩන්නට වූහ.
12- සැබැවින්ම මම එදින අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ දොරටු පාලයා වූයෙමි. එවිට අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා පැමිණ දොරටුව තට්ටු කළහ. එවිට මම: මේ කවුද? යැයි විමසුවෙමි. එවිිට එතුමා: අබූ බක්ර් යැයි පවසා සිටියහ. එවිට මම: ඔබ මදක් රැඳී සිටින්න යැයි පවසා පසුව මම ගොස්: අල්ලාහ්ගේ දූතයාණනි, මේ අබූ බක්ර් අවසර පතන්නේය යැයි පැවසුවෙමි. එවිට එතුමා ඔබ ඔහුට අවසර දෙන්න තවද ස්වර්ගය පිළිබඳ වූ ශුභාරංචියද ඔහුට දෙන්න යැයි පවසා සිටියහ.
13- උමර් -රළියල්ලාහු අන්හු- තුමා යමක් පවසන විට නියත වශයෙන්ම මම එය එසේ යැයි සිතමි යැයි කරන ප්රකාශයකට මා සවන් දී නැත. එය ඔහු සිතූ දෑ මෙන් තිබුණාක් මිස.
14- ඔබට මා ලම් යකුනිල්ලදීන කෆරූ පාරායනය කරන මෙන් නියත වශයෙන්ම අල්ලාහු -අස්ස වජල්ල- මට අණ කළේය.
15- අනස් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි මාගේ බාප්පාවන අනස් බින් නළ්ර් රළියල්ලාහු බද්ර් සටනට සහභිගිවූයේ නැත ඒ් පිළිබද ඔහු නබි තුමා අමතා අල්ලාහ්ගේ දූතයාණනී ඔබතුමා අාදේශ තබන්නන්ට ඒරෙහිව කරන ලද ප්රථම සටනට මා සහභාගි නොවුයෙමි අල්ලාහ් විසින් ඒම සටනට සහභාගිවීමේ අවස්ථාව මා හට ලබාදුන්නේනම් මා ඒතනදීකටයුතු කරන විලාසය කෙසේද යන්නඅල්ලාහ් විසින් ජනතාවට පෙන්වන්න හැකිව තිබුණීයි යැයි කීය පසුව උහ්ද් සටන සිදුවු දිනයේදී මුස්ලීම්වරැන් සමහරක් සටන් බිමෙන් ඉවත්ව යන්න ගියහ ඒවිට ඔහු යා අල්ලාහ් මොවුන් මාගේ සහගාමිකයින් කළ වරදට නුඹෙන් මා සමාව අයදිමි ඔවුන් අාදෙට්ශකරන්නන් දේවලින්ද මාද ඉවත් වෙන්නෙමී යැයි කීහ පසුව අනස් බින් නළ්ර් ඉදිරියටම ගියේය සංද් බින් මුඅාද් රළියල්ලාහු ඔහු ඉදිරියට පැමිණියේය ඒවිට සංද් බින් මුඅාද් කංබාවෙහි දෙවිදුන්මත දිවුරා ප්රකාශ කරමි ස්වර්ගය අත ළගය නියතවශයෙන්ම මා උහ්ද් කදුවැටිය දෙසින් ස්වර්ගයේ සුවද අාඝ්රාණය කරමී යැයි කීහ පසුව විරැද්ධවාදීන් අතරට පැන පැන සටන් කර වීරයකු ලෙස දිවි පිදීය සංද් රළියල්ලාහු අල්ලාහ්ගේ දූතයාණෙනි ඔහු අනස් බින් නළ්ර් විසින් කළාක් මෙන් මට කරන්නට නොහැකි විය යැයි කීහ අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්රකාශ කරයි ඔහුගේ ශරීරයේ කඩු පහරවලින් හෝ කැපුනු ඊ පහරවලින් හෝ හෙල්ලෙන් සිදුවු සුලු තුවාල අසුවක තරම් ප්රමාණයක් පදුටුවෙමුඒතුමාව අාදේශකයින් විසින් කපා කොටා ශරීරය විකෘති කර තිබුණි අප කිසි කෙනෙකුට ඒතුමා හදුනා ගත නොහැකි විය ඒතුමාගේ අැගිලි තුඩවල සලකුණුවලින් හදුනා ගැනීමට ඒතුමාගේ සහෝදරිය සමත්වුනාය අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්රකාශකරයි මෙතුමා හා මෙතුමා වැනි අය ගැන තමන් විසින් අල්ලාහ් සමග අැති කරගත් ගිවිසුම ක්රියාත්මක කර පෙන්වන මිනිස්සුද මුංමීන්වරැන් අතරේ සිටින්නෝය අල් අහ්සිබ් 33 යන ශුද්ධ වාක්ය අවසාන දක්වා පහළ වුවේ යැයි සිතුවෙමු
16- සැබැවින්ම උමර් ඉබ්නු අල් කත්තාබ් තුමා ප්රාරම්භක මුහාජිර්වරුන් හට හාරදහසක් නියම කරන්නෙකු වූහ.
17- යමනයේ වැසියන් පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-: සැබැවින්ම ඔබ වෙත යමන් වාසීහු පැමිණ ඇත්තේය යැයි පැවසූහ.
18- මලක්වරුන් තම පියාපත් තුළින් ඔහුට සෙවණ ලබා දීමෙන් ඉවත් නොවූහ.