إعدادات العرض
1- මහා බරපතළ පාපය කුමක්දැ?යි මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසුවෙමි. එතුමා: “අල්ලාහ් ඔබව මවා තිබියදී ඔබ ඔහුට ආදේශ කිරීමය” යැයි පැවසූහ.
2- කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයා වේ- යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත.
3- දේව රාජ්‍යය තුළ දේවාසනය මිහිකතේ පාළුකරයක් මත හෙළනු ලැබූ යකඩ මුද්දක් මෙන් මිස නොවනු ඇත.
4- මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා අතර දරුණු ලෙස දඬුවම් ලබන අය වනුයේ අල්ලාහ්ගේ මැවීමකට අනුකරණය වන්නෝ වෙති.
5- අල්ලාහ් ගර්භාෂයට මලක්වරයකු පත් කළේය. ඔහු: “පරමාධිපතියාණනි! මෙය ශුක්රානුවකි. පරමාධිපතියාණනි! මෙය ලේ කැටියකි. පරමාධිපතියාණනි! මෙය මස් කැබැල්ලකි.” යැයි පවසයි. එහි මැවීම නිමා කිරීමට අල්ලාහ් අපේක්ෂා කළ විට, “පරමාධිපතියාණනි, පිරිමියෙකු ද එසේ නැතහොත් ගැහැණියකු ද? භාග්‍ය වන්තයකු ද එසේ නැතහොත් අභාග්යවන්තයෙකු ද? පෝෂණ සම්පත් කුමක් ද? ආයු කාලය කුමක් ද? එලෙස ඔහුගේ මවගේ කුස තුළ ලියනු ලැබේ.”
6- “ඔබේ පරමාධිපතියාණන් පැවසූ දේ ඔබ දන්නවා ද?” යැයි විමසූහ. ඔවුහු: 'මැනවින් දන්නෝ අල්ලාහ් සහ ඔහුගේ දූතයා ය" යැයි ඔවුහු පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “මාගේ ගැත්තන් අතරින් මා විශ්වාස කරන අය සහ මා ප්‍රතික්ෂේප කරන අය උදය වරුව ලැබුවෝය
7- මෙලොවදී ඔහුව ඔහුගේ දෙපයින් ඇවිදීමට සැලැස්වූ තැනැත්තාට නැවත නැඟිටුවනු ලබන දිනයේදී ඔහුගේ මුහුණ මත ඇවිදීමට සැලැස්විය හැකි නොවේද?