إعدادات العرض
1- ආදම්ගේ දරුවන් සියල්ලෝම වැරදි කරන්නෝය. වැරදි කරුවන්ගෙන් උතුම් වනුයේ පාපක්ෂමාවෙහි නිරත වන්නෝය.
2- ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රදවා ගනිත්වා! ඔබේ වැරදිවලට ඔබ වැළපෙනු.
3- ඔබ අතරින් පාළු කාන්තාර භූමියේ අතරමං කර ගත් තම ඔටුවා අහම්බෙන් හමු වූ අයකුට වඩා අල්ලාහ් තම ගැත්තෙකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටට පත් වන්නේය.
4- ගැත්තා පතන පාපක්ෂමාව ඔහුගේ ගෙල හිර නොවන තාක් කල් සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් පිළිගන්නේය.
5- සැබැවින්ම උත්තරීතර අල්ලාහ් දහවල් කාලයේ පාපකම් සිදු කළ අය පාපක්ෂමාවෙහි නිරත වීම සඳහා තම අත දිගු හරියි. එමෙන්ම රාත්‍රි කාලයේ පාපකම් සිදු කළ අය පාපක්ෂමාවෙහි නිරත වීම සඳහා දහවල් කාලයේ ඔහුගේ අත දිගු හරියි. එය හිරු බටහිරින් පායන දක්වාම පවතී.
6- හිරු අවරට යන තැනින් එය උදා වීමට පෙර කවරෙකු පාපක්ෂමාවෙහි නිරත වන්නේ ද අල්ලාහ් ඔහුට පාපක්ෂමාව පිරිනැමීය.
7- අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹෙන් සිදුව ඇති දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. ආදම්ගේ දරුව! නුඹේ පාපකම් අහසේ වළාකුළු උසට ළඟා වුව ද පසුව නුඹ මගෙන් සමාව අයැද සිටින්නේ නම් ද මම නුඹට සමාව දෙමි.
8- පාපයක් සිදු කළ යම් කිසි මිනිසෙක්, ඔහු නැගිට පිරිසිදු වී පසුව සලාත් ඉටු කර පසුව අල්ලාහ්ගෙන් පාපක්ෂමාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු මිස වෙනත් කිසිවක් නැත
9- නියතවශයෙන්ම යම් මිනිසෙකු නබි තුමානන් කෙරෙහි අඡ්නබි කාන්තාවක් තමාව සිපගත් බව පැමිනිල්ලක් යොමු කල විගස දෙවිදුන් වන අල්ලාහ් මෙසේ පහල කලේය නියතවශයෙන්ම දහවල් කාලයේ හා රාත්‍රි කාලෙය් කොටසක් සලාතය ඉටු කරනු මැනව සත්‍යවශයෙන්ම සත් ක්‍රියාවන් දුර්ක්රියාවන් සියල්ල කමාකරයි යන අදහසින් පහලවූ ඒම වැකිය පැවසූ විගස ඒම මිනිසා මෙය මාහට පමණක්ද යැයි විමසූහ ඒවිට නබි තුමා මුලු සමාඡයටම අයත්ය යැයි පැවසූහ වාර්ථාකරැ ඉබ්නු මස්උෘව්ද් රළියල්ලාහු අන්හු මූලාශ්‍රය බුහිරි
10- වරක් නබි සල්ලල්ලාහු තුමා කෙරෙහි මිනිසෙකු පැමිණ මා වරදක් කළෙමි ඒබැවින් මට දඩුවම් කරන්නෙයි ඔහු පැවසුහ තවද ඔහු නබි තුමා සමග සලාතයද ඉටු කළහ ඊට පසුවද නැවත දඩුවම් කරන්නැයි කියා බැගෑපත්ව හා අසරණව ප්‍රශ්න කළහ ඒටිට ඒම මිනිසා උදෙසා බලා මෙසේ කීවේය ඔබ අප සමග සලාතය ඉටුකරතිබුනේනම් ඔබගේ පාපයන් සියල්ල කමාකරන ලදී යන අදහසින් නබි සල්ලල්ලාහු තුමා පැවසූහ වාර්ථාතරැ අනස් රළියල්ලාහු අන්හු මූලාශ්‍රය බුහාරි