إعدادات العرض
1- මියගිය ඇත්තන්හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ශීඝ්‍රයෙන් ගිය අය වෙති.
2- සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ දන්නෙහි ද?
3- සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මොර දී වැළපෙන්නාගෙන් ද හිස මුඩුගා වැළපෙන්නාගෙන් ද ඇඳුම් ඉරාගෙන වැළපෙන්නාගෙන් ද නිදහස් අයකු වූහ.
4- කවරෙකු ජනාසා සලාත් ඉටු කරන තෙක්ම එයට සහභාගී වූයේ ද ඔහුට ‘කීරාත්’ (නම් කුසල් ප්‍රමාණයක්) හිමිය. කවරෙකු වල දමන තෙක් ඒ සඳහා සහභාගී වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමිය. ‘කීරාත් දෙකක් යනු කුමක් දැ?යි විමසනු ලැබූ විට, ‘විශාල කඳු දෙකක් මෙන්’ යැයි එතුමා පැවසූහ.
5- මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි යහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට ස්වර්ගය නියම විය. මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි අයහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට අපා ගින්න නියම විය. නුඹලා මහපොළොවේ සාක්ෂිකරුවෝ වෙති.
6- යම් භූමියක මිය යන්නට යම් ගැත්තෙකුට අල්ලාහ් තීන්දු කළ විට, ඒ වෙත යාමට අවශ්‍යතාවක් ඔහුට ඇති කරන්නේය
7- اللهم اغفر لحينا وميتنا، وصغيرنا وكبيرنا، وذكرنا وأنثانا، وشاهدنا وغائبنا، اللهم من أحييته منا فأحيه على الإسلام، ومن توفيته منا فتوفه على الإيمان، اللهم لا تحرمنا أجره، ولا تفتنا بعده අල්ලාහුම්මග්ෆිරි ලිහය්යිනා වමය්යිතිනා වසගීරිනා වකබීරිනා වදකරිනා වඋන්සානා වෂාහිදිනා වගාඉබිනා. අල්ලාහුම්ම මන් අහ්යය්තහූ ෆඅහ්යිහී අලල් ඉස්ලාම්. වමන් තවෆ්ෆය්තහූ මින්නා ෆතවෆ්ෆහූ අලල් ඊමාන්. අල්ලාහුම් ලා තහ්රිම්නා අජ්රහූ වලා තෆ්තිනා බඃදහූ. තේරුම: අහෝ අල්ලාහ්! අප අතර ජීවතුන් අතර සිටින්නන්ටත් අප අතර මියගිය ඇත්තන්ටත්, අපගේ කුඩා දරුවන්ටත්, අපගේ වැඩිහිටියන්ටත් අපගේ කාන්තාවන්ටත්, අප ඉදිරියේ සිටින්නන්ටත් අප ඉදිරියේ නොවන්නන්ටත් සමාව දෙනු මැනව. අහෝ අල්ලාහ්! ඔබ අප අතුරින් කවරෙකු ජීවත් කරවන්නේද ඔහුව ඉස්ලාමය මතම ජීවත් කරවනු මැනව. තවද ඔබ අප අතුරින් කවරෙකු මරණයට පත් කරන්නේද ඔහුව දේව විශ්වාසය මත මරණයට පත් කරනු මැනව. අහෝ අල්ලාහ්! ඔහු සම්බන්ධයෙන් වූ කුසල් අපට තහනම් නොකරනු මැනව. ඔහුගෙන් පසුව අපව පරීක්ෂාවට ලක් නොකරනු මැනව.
8- කවරෙකු මියගිය ඇත්තෙකු නාවා, එහි ඇති අඩුවක් සඟවන්නේ ද අල්ලාහ් ඔහුට හතළිස් වාරයක් සමාව දෙනු ඇත.
9- කවරෙකු අල්ලාහ් හමුවීමට ප්‍රිය කරන්නේ ද අල්ලාහ් ද ඔහු හමුවීමට ප්‍රිය කරයි. කවරෙකු අල්ලාහ් හමුවීමට පිළිකුල් කරන්නේ ද අල්ලාහ් ද ඔහුව හමුවීමට පිළිකුල් කරයි.
10- අද දිනට පසුව මාගේ සහෝදරයා වෙත නොඅඬනු.