إعدادات العرض
1- කවරෙකු යම් සමාජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.
2- මුස්ලිම්වරයකුට තම සහෝදරයාව රාත්‍රී තුනක් අතහැර දැමීම අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසෙති. ඔහු හරහට පැමිණෙයි. මොහු ද හරහට පැමිණෙයි. ඔවුන් දෙදෙනාගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ සලාමය ගෙන ආරම්භ කරන තැනැත්තාය.
3- කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති කරන්නේ ද අල්ලාහ් ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු ඇත.
4- මිනිසා තම කල්‍යාණ මිතුරාගේ දහම මත සිටියි. එබැවින් ඔබ අතරින් කිසිවකු හෝ කල්‍යාණ මිතුරන් වන්නේ කවුරුන්දැයි මැනවින් බලත්වා!
5- (හීයක දෙපැත්තේ ඇති) පිහාටුවක් අනෙක් පිහාටුවට සමාන්තර වන අයුරින් සැබැවින්ම නුඹලාට පෙර සිටියවුන්ගේ පිළිවෙත් නුඹලා අනුගමනය කරනු ඇත. ඔවුන් තලගොයාගේ ගුහාවකට පිවිසුණද නුඹලා ද එහි පිවිසුනු ඇත. ඔවුහු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! (ඔවුන්) යුදෙවවන් හා කිතුනුවන් දැ?යි විමසුවෝය. එතුමා: වෙනත් කවරෙකුදැ?යි විමසා සිටියහ.
6- මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි. ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබට සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට, ඔහුට පිළිතුරු දෙන්න. ඔබෙන් උපදෙස් පතන විට, ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර ‘අල්හම්දු ලිල්ලාහ්’ යැයි අල්ලාහ්ට ප්‍රශංසා කළ විට ඔහුට ‘යර්හමුකල්ලා’ යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (අවසන් කටයුතුවලදී) ඔහුව හඹා යන්න.
7- කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ.
8- සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් වර්ණ නොගන්වති. එහෙයින් ඔවුනට වෙනස් අයුරින් ඔබලා කටයුතු කරනු.
9- ඇගිලි අතර ගල්කැට තබා විඳීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වළක්වා “සැබැවින්ම එය දඬයම් සතා මරා නොදමනු ඇත. සතුරාද නොවළක්වනු ඇත. නමුත් සැබැවින්ම එය ඇස් අන්ධ කරන අතර දත්ද කඩා දමනු ඇත.“ යැයි පැවසූහ.