إعدادات العرض
1- නැමදුම් කරන්නාට වඩා විද්වතා ශ්‍රේෂ්ඨය. එය මට පහළින් සිටින ඔබට වඩා මාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනි
2- උදෑසන මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුගේ සුවදුක් විමසා සිටින්නේ නම් මලක්වරු හැත්තෑ දහසක් දෙනා ඔහුට ප්‍රාර්ථනා කරනු මිස නැත.
3- මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ කටු අත්තක් දැක ඔහු එය ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය
4- කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේ ද ඔහුට කුසල් සියයක් හිමිවනු ඇත. දෙවන වතාවේදී ඊට අඩුය. තුන්වන වතාවේදී ඊටත් වඩා අඩුය.
5- දරුවන් තිදෙනෙකු සතු මුස්ලිම්වරුන් අතුරින් කෙනෙකු මිය ගියේ නම් නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත. එම කොටස (ඔහුට) අනුමත කර දීමෙන් මිස.
6- යහපත් කටයුත්තක් සිදු කොට ජනයා ඔහුව ප්‍රශංසා කරන මිනිසෙකු ඔබ දුටුවෙහි ද? එය මුඃමින්වරයාට කල්තියා පෙරාතුවම ලැබෙන සුභාශිංසනයයි යැයි පවසා සිටියහ.
7- ඔබ අල් කුර්ආනය කියවන්න. මක්නිසාදයත් සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ තැනැත්තන් හට මැදිහත්කරුවෙක් ලෙස පැමිණෙනු ඇත
8- අල්ලාහ් අබියස අල්ලාහ්ගේ දූතයාණන්ට ඇති යහපත කුමක්දැයි නොදැන සිටීම ගැන මම නොඅඬමි. නමුත් අහසින් වහී පහළ වීම නතර විය. එවිට ඇය ඔවුන් දෙදෙනාද අඬන්නට සැළැස්වූවාය.ඔවුන් දෙදෙනාද ඇය සමඟ අඩන්නට වූහ.
9- සැබැවින්ම මම එදින අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ දොරටු පාලයා වූයෙමි. එවිට අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා පැමිණ දොරටුව තට්ටු කළහ. එවිට මම: මේ කවුද? යැයි විමසුවෙමි. එවිිට එතුමා: අබූ බක්ර් යැයි පවසා සිටියහ. එවිට මම: ඔබ මදක් රැඳී සිටින්න යැයි පවසා පසුව මම ගොස්: අල්ලාහ්ගේ දූතයාණනි, මේ අබූ බක්ර් අවසර පතන්නේය යැයි පැවසුවෙමි. එවිට එතුමා ඔබ ඔහුට අවසර දෙන්න තවද ස්වර්ගය පිළිබඳ වූ ශුභාරංචියද ඔහුට දෙන්න යැයි පවසා සිටියහ.
10- උමර් -රළියල්ලාහු අන්හු- තුමා යමක් පවසන විට නියත වශයෙන්ම මම එය එසේ යැයි සිතමි යැයි කරන ප්‍රකාශයකට මා සවන් දී නැත. එය ඔහු සිතූ දෑ මෙන් තිබුණාක් මිස.
11- ඔබට මා ලම් යකුනිල්ලදීන කෆරූ පාරායනය කරන මෙන් නියත වශයෙන්ම අල්ලාහු -අස්ස වජල්ල- මට අණ කළේය.
12- දරුවකු පියකුට අනුමත නොවන්නේය. නමුත් ඔහු ඔහුව වහලෙකු සේ දුටුවානම් මිස. එවිට ඔහුව මිලට ගෙන ඔහු නිදහස් කරනු ඇත.
13- අනස් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි මාගේ බාප්පාවන අනස් බින් නළ්ර් රළියල්ලාහු බද්ර් සටනට සහභිගිවූයේ නැත ඒ් පිළිබද ඔහු නබි තුමා අමතා අල්ලාහ්ගේ දූතයාණනී ඔබතුමා අාදේශ තබන්නන්ට ඒරෙහිව කරන ලද ප්‍රථම සටනට මා සහභාගි නොවුයෙමි අල්ලාහ් විසින් ඒම සටනට සහභාගිවීමේ අවස්ථාව මා හට ලබාදුන්නේනම් මා ඒතනදීකටයුතු කරන විලාසය කෙසේද යන්නඅල්ලාහ් විසින් ජනතාවට පෙන්වන්න හැකිව තිබුණීයි යැයි කීය පසුව උහ්ද් සටන සිදුවු දිනයේදී මුස්ලීම්වරැන් සමහරක් සටන් බිමෙන් ඉවත්ව යන්න ගියහ ඒවිට ඔහු යා අල්ලාහ් මොවුන් මාගේ සහගාමිකයින් කළ වරදට නුඹෙන් මා සමාව අයදිමි ඔවුන් අාදෙට්ශකරන්නන් දේවලින්ද මාද ඉවත් වෙන්නෙමී යැයි කීහ පසුව අනස් බින් නළ්ර් ඉදිරියටම ගියේය සංද් බින් මුඅාද් රළියල්ලාහු ඔහු ඉදිරියට පැමිණියේය ඒවිට සංද් බින් මුඅාද් කංබාවෙහි දෙවිදුන්මත දිවුරා ප්‍රකාශ කරමි ස්වර්ගය අත ළගය නියතවශයෙන්ම මා උහ්ද් කදුවැටිය දෙසින් ස්වර්ගයේ සුවද අාඝ්රාණය කරමී යැයි කීහ පසුව විරැද්ධවාදීන් අතරට පැන පැන සටන් කර වීරයකු ලෙස දිවි පිදීය සංද් රළියල්ලාහු අල්ලාහ්ගේ දූතයාණෙනි ඔහු අනස් බින් නළ්ර් විසින් කළාක් මෙන් මට කරන්නට නොහැකි විය යැයි කීහ අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්‍රකාශ කරයි ඔහුගේ ශරීරයේ කඩු පහරවලින් හෝ කැපුනු ඊ පහරවලින් හෝ හෙල්ලෙන් සිදුවු සුලු තුවාල අසුවක තරම් ප්‍රමාණයක් පදුටුවෙමුඒතුමාව අාදේශකයින් විසින් කපා කොටා ශරීරය විකෘති කර තිබුණි අප කිසි කෙනෙකුට ඒතුමා හදුනා ගත නොහැකි විය ඒතුමාගේ අැගිලි තුඩවල සලකුණුවලින් හදුනා ගැනීමට ඒතුමාගේ සහෝදරිය සමත්වුනාය අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්‍රකාශකරයි මෙතුමා හා මෙතුමා වැනි අය ගැන තමන් විසින් අල්ලාහ් සමග අැති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කර පෙන්වන මිනිස්සුද මුංමීන්වරැන් අතරේ සිටින්නෝය අල් අහ්සිබ් 33 යන ශුද්ධ වාක්‍ය අවසාන දක්වා පහළ වුවේ යැයි සිතුවෙමු
14- සැබැවින්ම උමර් ඉබ්නු අල් කත්තාබ් තුමා ප්රාරම්භක මුහාජිර්වරුන් හට හාරදහසක් නියම කරන්නෙකු වූහ.
15- මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ඔබ මා ඉදිරියේ කවර තත්ත්වයක සිටින්නේ ද ඒ අනුවම අඛණ්ඩව සිටින්නෙහු නම්, තවද මෙනෙහි කිරීමෙහි නිරතව සිටින්නෙහු නම් මලක්වරු ඔබේ නිදියහන මත ද ඔබ ගමන් කරන මාර්ග මත ද ඔබලාට දෑත් විහිදුවාලති. නමුත් අහෝ හන්ළලා!හෝරාවක්, හෝරාවක් ඇත.
16- යමනයේ වැසියන් පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-: සැබැවින්ම ඔබ වෙත යමන් වාසීහු පැමිණ ඇත්තේය යැයි පැවසූහ.
17- මලක්වරුන් තම පියාපත් තුළින් ඔහුට සෙවණ ලබා දීමෙන් ඉවත් නොවූහ.
18- අර්බුදකාරී තත්ත්වය යටතේ නැමදුම් කිරීම මා වෙත හිජ්රත් හෙවත් නික්ම පැමිණියාක් මෙනි.
19- මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තා වුළූ ධෝවනය කරන විට, ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම වරදක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත
20- එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): “නුඹලා පුණ්‍ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට ඇති නොකළේ ද? (සුබ්හානල්ලාහ් - -අල්ලාහ් සුවිශුද්ධය- යැයි පවසන) සෑම තස්බීහයක්ම දානයකි. (අල්ලාහු අක්බර් - අල්ලාහ් අතිශ්රේෂ්ඨය- යැයි පවසන) සෑම තක්බීරයක්ම දානයකි. (අල්හම්දුලිල්ලාහ් - සියල පැසසුම් අල්ලාහ්ටය- යැයි පවසන) සෑම තහ්මීදයක්ම දානයකි. (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යැයි පවසන) සෑම තහ්ලීලයක්ම දානයකි. යහපත විධානය කිරීමද දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමත් දානයකි. නුඹලා අතර කෙනෙකු (බිරිද සමග) කාමුකව හැසිරීම ද දානයකි.”
21- “කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත
22- අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”
23- “අර්බුදකාරී තත්ත්වය තුළ නැමදුම් කිරීමට යොමු වීම මා වෙත හිජ්රත් හෙවත් නික්ම පැමිණියාක් මෙනි
24- මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත
25- අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක
26- අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා කැපවිය යුත්තේ කාහටද?' යැයි විමසා සිටියෙමි. එතුමාණෝ මෙසේ පැවසූහ: 'ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ඔබේ පියාට. පසුව සමීපතම ඥාතීන් හා පසු ඥාතීන්ටය
27- (සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ (මහිමය) මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ වෙත කුසපත් ඇදීමෙන් මිස එය ඔවුනට ලබා ගත නොහැකි වී නම්, ඔවුන් (ඒ සඳහා) කුසපත් අදිනු ඇත