إعدادات العرض
1- අහෝ ජනයාගේ පරමාධිපතියාණනි! දුක් කරදර පහ කරන්නාණනි! ඔබ සුවය දෙනු මැනව. සුවය දෙන්නා ඔබය. ඔබ හැර සුවය දෙන්නකු නැත. එය මනා සුවයක් ලෙසිනි. එය රෝගී ලෙස අතහැර නොදමයි.
2- මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අස්සලාමු අලයිකුම්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට පිළිතුරු දුන්හ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "දහයක් හිමිය
3- කාන්තාවකට, ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්රියක් ගමන් කරන දුරක් ගමන් කිරීම අනුමත වන්නේ නැත.”
4- “මුස්ලිම්වරයාගේ වේට්ටිය කෙණ්ඩයේ අඩක් දක්වා විය යුතුය. ඒ අතර හා වළලු කර අතර පවතින දෑහි වරදක් නැත. නමුත් වළලු කරට වඩා පහළින් ඇති දෑ වනාහි, එය අපා ගින්නෙහිය. කවරෙකු තම වේට්ටිය අහංකාරයෙන් යුතුව බිම ගාවමින් ඇද ගෙන යන්නේද, අල්ලාහ් ඔහු දෙස කරුණා බැල්මෙන් නොබලන්නේමය.”
5- “ඔබ අතරින් කිසිවකු හෝ ඈනුම් හැරිය විට, ඔහු තම අත තම කට මත තබා වළක්වා ගත යුතුයි. මක්නිසාදයත් ෂෙයිතාන් පිවිසෙන බැවිනි
6- “මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඒවා මොනවාදැ?යි විමසන ලදී. එතුමාණෝ: "ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබව සංග්රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දෙන්න. ඔහු ඔබෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර (අල්හම්දු ලිල්ලාහ්’) -යැයි අල්ලාහ්ට- ප්රශංසා කළ විට ඔහුට (යර්හමුකල්ලා) යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (ජනසා කටයුතු අවසන් වන තෙක්) ඔහු පසුපස යන්න.”
7- “තම වස්ත්රය උඩගු කමින් බිම ගාවා ඇදගෙන යන අය දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නො බලනු ඇත.”
8- අද්හිබිල් බඃස රබ්බන් නාසි, වෂ්ෆි අන්තෂ්-ෂාෆී, ලා ෂිෆාඅ ඉල්ලා ෂිෆාඋක, ෂිෆාඅ ලා යුගාදිරු සකමා" (අහෝ මිනිසුන්ගේ පරමාධිපතියාණනි! දුෂ්කරත්වය ඉවත් කරනු මැනව ! සුවය දෙනු මැනව ! සුවය දෙන්නා ඔබය. ඔබේ සුවයෙන් තොරව කිසිදු සුවයක් නැත. එය රෝගීභාවය අත්හැර නො දමන සුවයකි.)
9- දිවුරා සිටීම භාණ්ඩය ප්රවර්ධණය කරන නමුත් එය ලාභය විනාශ කරන්නකි
10- මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත
11- අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක
12- කවර තැනැත්තෙක් හෝ තම සහෝදරයාට අහෝ කාෆිර්! (දේවත්වය ප්රතික්ෂේප කරන්නා) යැයි අමතා සිටියේ ද සැබැවින්ම ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඒ වෙත හැරී එනු ඇත. ඔහු පැවසූ පරිදි වී නම් එය එසේය. එසේ නැතහොත් එය ඔහුට එරෙහිවම නැවත හැරී එනු ඇත
13- සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙසේ පැවසීය: ආදම්ගේ පුතණුවන් මට හිංසා කරන්නේය. මම කාලය වී සිටිය දී ඔහු කාලයට බැණ වදී. සියලු කටයුතු ඇත්තේ මා සන්තකයේය. රාත්රිය හා දහවල මම පෙරළමි