إعدادات العرض
1- මා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ආගම් ලත් ජනයා වෙසෙන භූමියක වෙසෙමු. එබැවින් ඔවුන්ගේ භාජනවල අප අනුභව කළ හැකිදැ?යි විමසුවෙමු.
2- ඔබට මිය ගිය සතුන් වර්ග දෙකක් හා රුධිර වර්ග දෙකක් අනුමත කරන ලදී. එසේ මිය ගිය සතුන් දෙදෙනා වනුයේ, මත්සයා හා ජුරාද් නම් පළගැටි වර්ගයාය. රුධිර වර්ග දෙක නම්, පීකුදු හා පිලාවය.
3- නුඹලා කිසිවකුගේ පානය තුළට මැස්සෙකු වැටුණු විට ඔහු එය එහි ගිල්වා පසුව එය ඉවත් කළ යුතු වේ. හේතුව සැබැවින්ම උගේ පියාපත් දෙකින් එකක රෝගය සහ අනෙකෙහි ප්රතිකාරය ඇති බැවිනි.
4- මෙය ඔබලා වෙනුවෙන් අල්ලාහ් නිකුත් කළ පෝෂණයයි. එහෙයින් ඔබ අපට ආහාර වශයෙන් පිළි ගැන්වීමට එහි මස්වලින් යමක් ඔබ ළඟ තිබේද? එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ඉන් කොටසක් එව්වෙමු. එතුමා එය අනුභව කළහ.
5- "පුහුණු කරන ලද ඔබේ සුනඛයා ඔබ එවමින් ඒ මත අල්ලාහ්ගේ නාමය පවසන්නෙහි නම් එවිට ඌ නුඹ වෙත අල්ලාගෙන එන දෑ නුඹ අනුභව කරනු"
6- නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හූනන් මරා දමන මෙන් නියෝග කළහ. තවදුරටත් එතුමා, උෟ ඉබ්රාහීම් තුමාට එරෙහිව පිඹින්නෙකු විය යැයි පවසා සිටියහ.
7- කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේ ද ඔහුට කුසල් සියයක් හිමිවනු ඇත. දෙවන වතාවේදී ඊට අඩුය. තුන්වන වතාවේදී ඊටත් වඩා අඩුය.