إعدادات العرض
1- අබූ ලහබ්ට මරණය ළඟා වූ කල්හි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු වෙත පැමිණියේය. ඔහු අසළ අබූ උමය්යා හා අබූ ජහ්ල් සිටියෝය. එවිට එතුමා ඔහුට: “මාගේ මහප්පාණනි, ඔබ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යැයි පවසන්න. අල්ලාහ් අබියස ඔබට එය වඩාත් ප්‍රයෝජනවත් වදනක් වනු ඇත.”
2- හිරු බටහිරින් උදාවන තෙක් අවසන් හෝරාව උදා වන්නේ නැත. එසේ උදා වූ විට සියලු දෙනාම (දේවත්වය) විශ්වාස කරන මිනිසුන් දකිනු ඇත
3- මරණය කළු සුදු මිශ්රැති බැටළුවෙකුගේ හැඩයෙන් ගෙනැවිත් තබනු ලැබේ
4- ආගම් ලත් ජනයා සත්‍යය බව නොපවසනු. එමෙන්ම ඔවුන් බොරු යැයි ද නොපවසනු. ඒ වෙනුවට "අපි අල්ලාහ් හා අප වෙත පහළ කරනු ලැබූ දෑ විශ්වාස කළෙමු යැයි පවසනු
5- යුදෙව්වන් අල්ලාහ්ගේ උදහසට ලක් වූ පිරිසකි. කිතුනුවන් නොමඟ ගිය පිරිසකි
6- එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න
7- ඔවුන් ඔබට කළ වංචා, ඔබට පිටුපෑ, ඔබට බොරු පැවසූ දෑ ගැන මෙන්ම ඔබ ඔවුනට කළ දඬුවම ගැන විනිශ්චය කරනු ලැබේ
8- ඔබ පවසන, ඔබ ඇරයුම් කරන දෑ චමත්කාරය. අපි සිදු කළ දෑ සඳහා ප්රතිකර්මය කුමක් දැයි ඔබ අපට දන්වා සිටින්නෙහි නම් මැනව
9- අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා එහි මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත
10- පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය