إعدادات العرض
1- කවරෙකු මා මේ වුළූ ධෝවනය කරන පරිදි වුළූ ධෝවනය කර; පසුව රකආත් වාර දෙකක් සලාතය ඉටු කර; ඒ දෙක තුළ තම මනසට කිසිවක් ඇති නොකරන්නේ ද ඔහු පෙර කළ ඔහුගේ පව්වලට ඔහුට සමාව දෙනු ලැබේ.
2- ඔබ අතරින් කිසිවකු හෝ කිල්ලට හසු වූ විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.
3- කවරෙකු වුළූ ගෙන එම ධෝවනය ඔහු නිසි ලෙස සිදු කළේ ද ඔහුගේ ශරීරයෙන් ඔහුගේ පාපකම් ඉවත්ව යයි.
4- පිරිසිදුකම දේව විශ්වාසයේ අඩකි.
5- “ඔබ අතුරින් කිසිවකු වුළු ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන ගොස් පසු ව නාසය පිරිසිදු කළ යුතුය. ඔබ අතුරින් කිසිවකු (තම අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිත කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්‍යාවක් භාවිත කරත්වා! ඔබ අතරින් කිසිවකු තම නින්දෙන් අවදි වූ විට තම දෙඅත් භාජනයට දැමීමට පෙර සෝදා ගනිත්වා! හේතුව සැබැවින්ම රාත්‍රියේ තම දෑත් පිහිටියේ කොතැනකදැ?යි ඔබ අතුරින් කිසිවෙකු නොදන්නා බැවිනි.”
6- නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.
7- මම අම්ර් බින් අබිල් හසන් තුමා ව මුණ ගැසුණෙමි. එතුමා අබ්දුල්ලාහ් බින් සෙයිද් තුමාණන්ගෙන් අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරු පිළිබඳ ව විමසූවේය. පසු ව කුඩා ජල බඳුනක් ගෙන්වා ගෙන අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරින් ඔවුනට ඔහු වුළු ධෝවනය කර පෙන්වීය.
8- විළුඹුවලට නිරා ගින්නෙන් වූ විනාශය අත්වේවා!
9- ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්‍රියක්, හොදින් නිදා ගන්න’ යැයි පවසමින් සෑම ගැටයක් මතම ෂෙයිතාන් ගසනු ඇත.
10- අල්ලාහ්ගේ දූතයාණන් වෙනුවෙන් අපි එතුමාගේ මිස්වාක් දැහැටිය හා ජලය සූදානම් කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ් එතුමාණන්ව අවදි කිරීමට අභිමත කළ වේලාවෙහි එතුමාණන්ව අවදි කරවයි. පසුව එතුමාණන් දත් පිරිසිදු කර, වුළූ ධෝවනය කර, සලාත් ඉටු කරයි.
11- මාගේ සමූහයාට ඉතා දුෂ්කර කාර්යයක් නොවේ නම් වුළු ධෝවනය කරන සෑම අවස්ථාවකම මිස්වාක් (දැහැටි කූරු) භාවිතයෙන් කට පිරිසිදු කරන්නැයි මම ඔවුනට නියෝග කර සිටිමි.
12- ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු වූළූ ධෝවනය කරත්වා. නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ නාස්පුඩුවෙහි රාත්‍රි කාලය ගත කරනු ඇත.
13- සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වුළූ ගත්හ. කට කළත්වා සෝදා හැරියහ. පසුව නාසය සූරා පිරිසිදු කළහ. පසුව එතුමාගේ මුහුණ තුන් වරක් ද එතුමාගේ දකුණත තුන් වරක් ද අනෙක ද තුන්වරක් ද සෝදා හැරියහ. එතුමාගේ අතෙහි ඉතිරි දැයින් නොවන (වෙනත්) ජලය උපයෝගි කර ගනිමින් එතුමාගේ හිස පිරිමැද්දාහ. එතුමාගේ පාද දෙක පිරිසිදු වන තෙක් සෝදා හැරියහ.
14- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය සිදු කළහ. එතුමාගේ නළලින් ආරම්භ කොට ජටාව මත පිරිමැද්දාහ. එමෙන්ම මේස් සපත්තු මත ද පිරි මැද්දාහ.
15- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය කළ විටක එතුමාගේ වැළිමිට දෙක වටේ ජලය යන්නට සළස්වා සෝදා හරින්නෙකු වූහ.
16- කවරෙකුට වුළූ ධෝවනය නොමැත්තේ ද ඔහුට සලාතය නොමැත. කවරෙකු එහිදී උත්තරීතර අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකළේ ද ඔහුට වුළූ නොමැත.
17- ඔබ නැවත හැරීගොස් ඔබේ (වුළූ) ධෝවනය අලංකාරව සිදු කරනු.
18- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙසත් එක් ‘මුද්දු’ ප්‍රමාණයකින් (වුළු) ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.
19- කවර මුස්ලිම්වරයකු හෝ වේවා වුළූ ධෝවනය කර; එම වුළූ ධෝවනය අලංකාරව ඉටු කර; පසුව නැගිට රකආත් දෙකක්, තම හදවත හා තම මුහුණ ඉදිරිපත් කරමින් ඉටු කරන්නේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය වනු මිස නැත.
20- සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාගේ බිරියකට සිප, වුළු නොගෙනම සලාතය සඳහා පිටත්ව ගියහ.
21- එය ඔහුගෙන්ම වූ මස් කැබැල්ලක් නොවේද?
22- සෑම සලාතයකදීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ දෝවනය කර ඇත්තාහ
23- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම වාරයක්ම වුළූ ගත්හ
24- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙවාරයක් බැගින් වුළූ ගත්හ
25- ඔබ අතරින් කිසියම් කෙනෙකු තම කුසෙහි යමක් හට ගෙන, එය පිට වූයේ ද නැත්දැයි ඔහුට ගැටලුවක් ඇති වූ විට, හඬක් අසෙන තෙක් හෝ ගන්ධයක් දැනෙන තෙක් හෝ සුජූද් කරන තැනින් ඔහු ඉවත්ව නොයා යුතුය
26- යම් මුස්ලිම් හෝ මුමින්වරෙයකු වුඵ දෝවනය කළේ නම් ඔහුගේ / අැයගේ පාප කර්මයන් සියල්ල ඔහුගේ ශරීරයේ අවසාන ජල බිංදුව තිබෙන පව් කමා කරනු ලැබේ.
27- අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සහගාමීහූ, එතුමාගේ කාලයේ, තම හිස් (නිදිමත හේතුවෙන්) පහත්වන තරමට ඉෂා (සලාතය) බලාපොරොත්තුවෙන් සිටින්නන් වූහ. පසුව ඔවුන් සලාතය ඉටු කළහ. නමුත් ඔවුහු වුළූ කරන්නන් ලෙස නොසිටියහ.
28- කවරෙකු තම ලිංගය ස්පර්ශ කළේද ඔහු වුළූ ධෝවනය කරත්වා!