මහිමයන් සහ ආචාරධර්ම - الصفحة 5

මහිමයන් සහ ආචාරධර්ම - الصفحة 5

7- اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ وَالْجُبْنِ وَالْبُخْلِ وَالْهَرَمِ وَعَذَابِ الْقَبْرِ، اللهُمَّ آتِ نَفْسِي تَقْوَاهَا، وَزَكِّهَا أَنْتَ خَيْرُ مَنْ زَكَّاهَا، أَنْتَ وَلِيُّهَا وَمَوْلَاهَا، اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لَا يَنْفَعُ، وَمِنْ قَلْبٍ لَا يَخْشَعُ، وَمِنْ نَفْسٍ لَا تَشْبَعُ، وَمِنْ دَعْوَةٍ لَا يُسْتَجَابُ لَهَا "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් අජ්සි, වල් කසලි, වල් ජුබ්නි, වල් බුහ්ලි, වල් හරමි, වඅදාබිල් කබ්රි. අල්ලාහුම්ම ආති නෆ්සී තක්වාහා, වසක්කිහා අන්ත හඃය්රුන් මන් සක්කාහා, අන්ත වලිය්යුහා වමව්ලාහා, අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ඉල්මින් ලා යන්ෆඋ. වමින් කල්බින් ලා යහඃෂඋ. වමින් නෆ්සින් ලා තෂ්බඋ. වමින් දඃවතින් ලා යුස්තජාබු ලහා." (අහෝ දෙවිඳුනි! නොහැකියාව, මැලිකම, බියගුලුකම, මසුරුකම, වයෝවෘද්ධකම හා කබ්ර්හි වේදනාව යනාදියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. අහෝ දෙවිඳුනි,! මාගේ ආත්මයට එහි දේව හැඟීම පිරිනමනු මැනව! එය පිවිතුරු කරනු මැනව. පිවිතුරු කරන්නන්ගෙන් ඔබ අති ශ්‍රේෂ්ඨය. ඔබ එහි භාරකරුය. එහි හිමිකරුය. අහෝ දෙවිඳුනි! ප්‍රයෝජනවත් නොවන දැනුමෙන් ද බිය නොවන හදවතින් ද කුස නොපිරෙන මනසින්ද පිළිගනු නොලබන පැතුමෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.)

55- අම්ර් ඉබ්නු තලබ් රලියල්ලාහු අන්හු දන්වයි නබි තුමාණන් කෙරෙහි යම් වස්තූන් ගෙනෙන ලදි ඒය සමහරැන්ට බෙදා දුන්හ සමහරැන්ට නොදුන්හ පසුව නොලැබුනු අය අපටත් දීමට තිබුණා යැයි පැවසීම නබි තුමානන්ට අාරංචි විය ඒම නිසා අල්ලාහ්ව ප්රංශසා කළ පසුව අල්ලාහ කෙරෙහි දිව්රා කියමි මා සමහරක් පෙළට දෙමි තවත් පෙළක් මා අත පසු කරමි මා කවරෙකුට නොදී අතපසු කරන්නේද ඔහු මට ඉතා ස්නේහවන්තයකි මා තවත් පිරිසකට ඔවුන්ගේ හදවත් තුල තිබෙන්නාවු බිය දැඩි තිගැස්ම සදහා දෙමි තවත් සමරවරැන්ගේ සිත් තුල අල්ලාහ් දී අැති ධනවත්කම හා අනෙකුත් යහපත කරැණුපතා නොදෙන්නෙමි අම්ර් ඉබ්නු තංලිබ් නැමැත්තාද ඒවැනි කෙනෙකි යැයි පැවසූහ තවද අම්ර් ඉබ්නු තලිබ් රළියල්ලාහු මෙසේ පවසයි නබි තුමාණන්ගේ මෙම ඔවදන කියමන රතු පැහැති ඔටුවන් මට ලැබුණද මා ඒය ප්රිය නොකරමී

57- අනස් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි මාගේ බාප්පාවන අනස් බින් නළ්ර් රළියල්ලාහු බද්ර් සටනට සහභිගිවූයේ නැත ඒ් පිළිබද ඔහු නබි තුමා අමතා අල්ලාහ්ගේ දූතයාණනී ඔබතුමා අාදේශ තබන්නන්ට ඒරෙහිව කරන ලද ප්රථම සටනට මා සහභාගි නොවුයෙමි අල්ලාහ් විසින් ඒම සටනට සහභාගිවීමේ අවස්ථාව මා හට ලබාදුන්නේනම් මා ඒතනදීකටයුතු කරන විලාසය කෙසේද යන්නඅල්ලාහ් විසින් ජනතාවට පෙන්වන්න හැකිව තිබුණීයි යැයි කීය පසුව උහ්ද් සටන සිදුවු දිනයේදී මුස්ලීම්වරැන් සමහරක් සටන් බිමෙන් ඉවත්ව යන්න ගියහ ඒවිට ඔහු යා අල්ලාහ් මොවුන් මාගේ සහගාමිකයින් කළ වරදට නුඹෙන් මා සමාව අයදිමි ඔවුන් අාදෙට්ශකරන්නන් දේවලින්ද මාද ඉවත් වෙන්නෙමී යැයි කීහ පසුව අනස් බින් නළ්ර් ඉදිරියටම ගියේය සංද් බින් මුඅාද් රළියල්ලාහු ඔහු ඉදිරියට පැමිණියේය ඒවිට සංද් බින් මුඅාද් කංබාවෙහි දෙවිදුන්මත දිවුරා ප්රකාශ කරමි ස්වර්ගය අත ළගය නියතවශයෙන්ම මා උහ්ද් කදුවැටිය දෙසින් ස්වර්ගයේ සුවද අාඝ්රාණය කරමී යැයි කීහ පසුව විරැද්ධවාදීන් අතරට පැන පැන සටන් කර වීරයකු ලෙස දිවි පිදීය සංද් රළියල්ලාහු අල්ලාහ්ගේ දූතයාණෙනි ඔහු අනස් බින් නළ්ර් විසින් කළාක් මෙන් මට කරන්නට නොහැකි විය යැයි කීහ අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්රකාශ කරයි ඔහුගේ ශරීරයේ කඩු පහරවලින් හෝ කැපුනු ඊ පහරවලින් හෝ හෙල්ලෙන් සිදුවු සුලු තුවාල අසුවක තරම් ප්රමාණයක් පදුටුවෙමුඒතුමාව අාදේශකයින් විසින් කපා කොටා ශරීරය විකෘති කර තිබුණි අප කිසි කෙනෙකුට ඒතුමා හදුනා ගත නොහැකි විය ඒතුමාගේ අැගිලි තුඩවල සලකුණුවලින් හදුනා ගැනීමට ඒතුමාගේ සහෝදරිය සමත්වුනාය අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්රකාශකරයි මෙතුමා හා මෙතුමා වැනි අය ගැන තමන් විසින් අල්ලාහ් සමග අැති කරගත් ගිවිසුම ක්රියාත්මක කර පෙන්වන මිනිස්සුද මුංමීන්වරැන් අතරේ සිටින්නෝය අල් අහ්සිබ් 33 යන ශුද්ධ වාක්ය අවසාන දක්වා පහළ වුවේ යැයි සිතුවෙමු

73- اللهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، اللهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ، لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ». "අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික ාසම්තු, අල්ලාහුම්ම ඉන්නී අඌදු බිඉස්සතික, ලා ඉලාහ ඉල්ලා අන්ත අන් තුළිල්ලනී, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන්" (තේරුම: “අහෝ දෙවිඳුනි! මම ඔබට යටත් වූයෙමි. මම ඔබව විශ්වාස කළෙමි . මම ඔබ කෙරෙහි භාර කළෙමි. මම ඔබ වෙතට පසුතැවිලි වී හැරුණෙමි, මම ඔබේ විරුද්ධවාදීන්ට විරුද්ධව වාද කළෙමි. මම ඔබේ ගෞරවයෙන් සරණ පතමි. මා නොමඟ යැවීමට ඔබ හැර වෙන දෙවියෙක් නැත. ඔබ කිසිදා නොමැරෙන සදා ජීවමානය. නමුත් ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.")

81- එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): “නුඹලා පුණ්‍ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට ඇති නොකළේ ද? (සුබ්හානල්ලාහ් - -අල්ලාහ් සුවිශුද්ධය- යැයි පවසන) සෑම තස්බීහයක්ම දානයකි. (අල්ලාහු අක්බර් - අල්ලාහ් අතිශ්රේෂ්ඨය- යැයි පවසන) සෑම තක්බීරයක්ම දානයකි. (අල්හම්දුලිල්ලාහ් - සියල පැසසුම් අල්ලාහ්ටය- යැයි පවසන) සෑම තහ්මීදයක්ම දානයකි. (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යැයි පවසන) සෑම තහ්ලීලයක්ම දානයකි. යහපත විධානය කිරීමද දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමත් දානයකි. නුඹලා අතර කෙනෙකු (බිරිද සමග) කාමුකව හැසිරීම ද දානයකි.”

88- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වේදනාවකදී: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. තේරුම: නැමදුමට සුදුස්සා සෙනෙහිවන්ත සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අති මහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අහස්හි පරමාධිපති වූද මහපොළොවේ පරමාධිපති වූද මහිමයෙන් යුත් අර්ෂ්හි පරමාධිපති වූද අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත." යැයි පවසන්නෙකු වූහ

91- “මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඒවා මොනවාදැ?යි විමසන ලදී. එතුමාණෝ: "ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබව සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දෙන්න. ඔහු ඔබෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර (අල්හම්දු ලිල්ලාහ්’) -යැයි අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට (යර්හමුකල්ලා) යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (ජනසා කටයුතු අවසන් වන තෙක්) ඔහු පසුපස යන්න.”

94- සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්‍රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)