إعدادات العرض
1- කවරෙකු ඉස්ලාමය වැළඳගෙන, ප්‍රමාණවත් ලෙස පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනමා ඇති දෑ ගැන සෑහීමට පත් කරන්නේ ද ඔහු ජය ලැබීය
2- ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි
3- අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රාර්ථනා අතරින් ‘අල්-ජවාමිඃ’ හෙවත් සමූහයක් වශයෙන් කරන ප්‍රාර්ථනාවන් ප්‍රිය කරන්නෙකු වූහ. ඒ හැර සෙසු දෑ එතුමාණෝ අතහැර දැමූහ
4- දිවුරා සිටීම භාණ්ඩය ප්‍රවර්ධණය කරන නමුත් එය ලාභය විනාශ කරන්නකි
5- “නුඹලා සුළඟට දොස් නොකිනු. නුඹලා පිළිකුල් කරන දෙයක් දුටු විට اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ الرِّيحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هَذِهِ الرِّيحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ ‘අල්ලාහුම්ම ඉන්නා නස්අලුක මින් කයිරි හාදිහිර් රීහි, වකයිරි මා ෆීහා වකයිරි මා උමිරත් බිහී. වනඌදු බික මින් ෂර්රි හාදිහිර් රීහි වෂර්රි මා ෆීහා වෂර්රි මා උමිරත් බිහී.’ (අහෝ අල්ලාහ්! මෙම සුළගේ යහපත ද එහි තුළ ඇති යහපත ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි යහපත ද මම ඔබෙන් පතමි. එමෙන්ම මෙම සුළගේ හානියෙන් ද එහි තුළ ඇති හානියෙන් ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) යනුවෙන් පවසනු
6- ඔබ අතරින් කිසිවකු හෝ ‘අහෝ දෙවියනි! ඔබ අභිමත කළේ නම් මට සමාව දෙනු මැනව. ඔබ අභිමත කළේ නම් මට කරුණා කරනු මැනව. ඔබ අභිමත කළේ නම් මට පෝෂණය කරනු මැනව!' යැයි නොපැවසිය යුතුයි. ඔහු පතන පැතුමෙහි ස්ථීරව සිටිත්වා! සබැවින්ම අල්ලාහ් තමන් කැමති පරිදි කටයුතු කරයි. එය පිළිකුල් කරන්නෙකු නැත.”
7- “කවර මිනිසෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ, පසුව ඔහු මා වෙත සලවාත් නො පැවසුවේ ද ඔහු අවමානයට පත් වේවා!” රමළාන් මාසය ඔහු වෙත ප්‍රවේශ වී, පසුව ඔහු වෙනුවෙන් ඔහු පාපක්ෂමාව අයැද සිටීමට පෙර එය අවසන් වී ගියේ ද එවැනි තැනැත්තාටත් විනාශය අත් වේවා! තමන් හට වයෝවෘද්ධ දෙමාපියන් හිද, ඔවුන් දෙදෙනා ඔහුව ස්වර්ගය වෙත ප්‍රවේශ නොකරන අය ද අවමානයට පත් වේවා!
8- මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත
9- “සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.”
10- අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක
11- ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන දෙයක් ද ඔබට හිමිය" යැයි පවසනු ඇත
12- “ස්වර්ගයේ, සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නාහට සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද සිදුරු සහිත කූඩාරමක් වෙයි. එහි උස සැතපුම් හැටකි. දේවත්වය විශ්වාස කරන්නාට ඔහු වැනි වෙනත් අය එහි වෙති. දේවත්වය විශ්වාස කරන එම තැනැත්තා ඔවුන් වටා සැරිසරයි. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක්ව නොදකිනු ඇත.”
13- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමි
14- එතුමාණන් අසභ්‍ය ලෙස කතා කරන්නෙකු හෝ අසභ්‍ය ලෙස හැසිරෙන්නෙකු හෝ වෙළඳ වීදිවල උස් හඬින් කතා කරන්නෙකු හෝ නපුරට නපුරින් ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස නොසිටියහ. නමුත් එතුමාණන් (එය) නොසලකා හැර සමාව දෙන්නෙකු ලෙස සිටියහ
15- සැබැවින්ම මිනීවළ මතුලොව ස්ථාන අතරින් පළමු නිවහන වේ. ඉන් සමත් වූයේ නම්, ඉන් පසු ඇති දෑ ඊට වඩා පහසු වනු ඇත. නමුත් ඉන් අසමත් වූයේ නම් එවිට ඉන්පසු ඇති දෑ ඊට වඩා දරුණු වනු ඇත
16- අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා කැපවිය යුත්තේ කාහටද?' යැයි විමසා සිටියෙමි. එතුමාණෝ මෙසේ පැවසූහ: 'ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ඔබේ පියාට. පසුව සමීපතම ඥාතීන් හා පසු ඥාතීන්ටය
17- ස්වර්ගයට පිවිසෙන පළමු කණ්ඩායම පුර පසළොස්වක රාත්‍රියේ සඳෙහි ස්වරූපය මෙන් පවතී, ඔවුනට පසුව පැමිණෙන අය අහසේ බැබලෙන වඩාත් දීප්තිමත්ම තාරකාව මෙන් දිලිසෙනු ඇත
18- එබැවින් ඔබ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට ඔහුගෙන් ෆිර්දව්ස් ස්වර්ගයම ඉල්ලා සිටින්න
19- (සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ (මහිමය) මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ වෙත කුසපත් ඇදීමෙන් මිස එය ඔවුනට ලබා ගත නොහැකි වී නම්, ඔවුන් (ඒ සඳහා) කුසපත් අදිනු ඇත
20- කවරෙකු "රළීතු බිල්ලාහි රබ්බන්, වබිල් ඉස්ලාමි දීනන්, වබිහුම්මදින් රසූලා" යැයි පවසා සිටියේ ද ඔහුට ස්වර්ගය නියම විය." තේරුම: (අල්ලාහ් පරමාධිපති ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් ධර්ම දූතයා ලෙසත් මම පිළිගත්තෙමි.)
21- කවරෙකු කන්දෙන් පැන සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලිකව අපා ගින්නට වී නිරන්තරයෙන්ම එසේ පණිමින් සිටියි
22- අල්ලාහ්ට කිසිවක් ඔබ ආදේශ නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නොහැසිරෙන බවටත්,
23- ඉස්ලාමය අමුතු දෙයක් ලෙස ආරම්භ වූ අතර එය අමුතු දෙයක් ලෙස ආරම්භ වූවාක් මෙන්ම නැවත අමුතු දෙයක් ලෙස පෙරළී යනු ඇත. එබැවින් ආගන්තුකයින්ට සුබ ම වේවා!
24- සුළු පාපයන් ගැන මම ඔබට අවවාද කරමි
25- සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය
26- උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන හත් දෙනෙකු සිටිති
27- කවර තැනැත්තෙක් හෝ තම සහෝදරයාට අහෝ කාෆිර්! (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා) යැයි අමතා සිටියේ ද සැබැවින්ම ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඒ වෙත හැරී එනු ඇත. ඔහු පැවසූ පරිදි වී නම් එය එසේය. එසේ නැතහොත් එය ඔහුට එරෙහිවම නැවත හැරී එනු ඇත
28- සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙසේ පැවසීය: ආදම්ගේ පුතණුවන් මට හිංසා කරන්නේය. මම කාලය වී සිටිය දී ඔහු කාලයට බැණ වදී. සියලු කටයුතු ඇත්තේ මා සන්තකයේය. රාත්‍රිය හා දහවල මම පෙරළමි