මහිමයන් සහ ආචාරධර්ම - الصفحة 2

මහිමයන් සහ ආචාරධර්ම - الصفحة 2

13- “ඔබ අතරින් කිසිවකු හෝ තමන් ප්‍රිය කරන සිහිනයක් දුටුවේ නම්, සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් වූවකි. එබැවින් ඒ සඳහා ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුය. ඒ ගැන කතා කළ යුතුය. ඒ හැර තමන් පිළිකුල් කරන යමක් දුටුවේ නම්, සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වූවකි. එවිට එහි හානියෙන් ඔහු ආරක්ෂාව පැතිය යුතු අතර එය කිසිවකුට නොපැවසිය යුතුය. මන්ද සැබැවින්ම එය ඔහුට හානිදායක නොවන්නේමය.”

22- අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ක්‍රියාව කුමක් දැ?’යි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසුවෙමි. එතුමාණෝ: ‘සලාතය නියමිත වේලාවේ ඉටු කිරීම වේ’ යැයි පැවසූහ. ‘ඉන්පසු කුමක්දැ?’යි විමසුවෙමි. එතුමාණෝ: ‘දෙමව්පියන්ට උපකාර උවටැන් කිරීම’ යැයි පැවසූහ. ඉන්පසු කුමක්දැ?යි විමසුවෙමි. එතුමාණෝ: ‘අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම’