මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්යාව

මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්යාව

26- رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي وَجَهْلِي، وَإِسْرَافِي فِي أَمْرِي كُلِّهِ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ، وَعَمْدِي وَجَهْلِي وَهَزْلِي، وَكُلُّ ذَلِكَ عِنْدِي، اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، أَنْتَ المُقَدِّمُ وَأَنْتَ المُؤَخِّرُ، وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ තේරුම: (අහෝ දෙවියනි! මාගේ වරදටත් මාගේ අනුවනකමටත් මාගේ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මට සමාව දෙනු මැනව! අහෝ දෙවියනි! මාගේ පාපයන්ටත් මා උවමනාවෙන් කළ දෑටත් මාගේ අනුවනකමටත් මාගේ උපහාසයටත් මට සමාව දෙනු මැනව! ඒ සියල්ල මා වෙතින් වූවකි. අහෝ දෙවියනි! මා පෙර කළ දෑටත් මා පසු කළ දෑටත් මා රහසිගතව කළ දෑටත් මා ප්‍රසිද්ධියේ කළ දෑටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මම ඔබෙන් සමාව අයැදිමි. ඔබයි ප්‍රාරම්භක, ඔබයි අවසානය. ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.)

63- اللهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، اللهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ، لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ». "අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික ාසම්තු, අල්ලාහුම්ම ඉන්නී අඌදු බිඉස්සතික, ලා ඉලාහ ඉල්ලා අන්ත අන් තුළිල්ලනී, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන්" (තේරුම: “අහෝ දෙවිඳුනි! මම ඔබට යටත් වූයෙමි. මම ඔබව විශ්වාස කළෙමි . මම ඔබ කෙරෙහි භාර කළෙමි. මම ඔබ වෙතට පසුතැවිලි වී හැරුණෙමි, මම ඔබේ විරුද්ධවාදීන්ට විරුද්ධව වාද කළෙමි. මම ඔබේ ගෞරවයෙන් සරණ පතමි. මා නොමඟ යැවීමට ඔබ හැර වෙන දෙවියෙක් නැත. ඔබ කිසිදා නොමැරෙන සදා ජීවමානය. නමුත් ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.")

68- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වේදනාවකදී: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. තේරුම: නැමදුමට සුදුස්සා සෙනෙහිවන්ත සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අති මහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අහස්හි පරමාධිපති වූද මහපොළොවේ පරමාධිපති වූද මහිමයෙන් යුත් අර්ෂ්හි පරමාධිපති වූද අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත." යැයි පවසන්නෙකු වූහ

69- සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්‍රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)

74- “නුඹලා සුළඟට දොස් නොකිනු. නුඹලා පිළිකුල් කරන දෙයක් දුටු විට اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ الرِّيحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هَذِهِ الرِّيحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ ‘අල්ලාහුම්ම ඉන්නා නස්අලුක මින් කයිරි හාදිහිර් රීහි, වකයිරි මා ෆීහා වකයිරි මා උමිරත් බිහී. වනඌදු බික මින් ෂර්රි හාදිහිර් රීහි වෂර්රි මා ෆීහා වෂර්රි මා උමිරත් බිහී.’ (අහෝ අල්ලාහ්! මෙම සුළගේ යහපත ද එහි තුළ ඇති යහපත ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි යහපත ද මම ඔබෙන් පතමි. එමෙන්ම මෙම සුළගේ හානියෙන් ද එහි තුළ ඇති හානියෙන් ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) යනුවෙන් පවසනු