ආගමික නීති හා එහි මූලධර්ම - الصفحة 3

ආගමික නීති හා එහි මූලධර්ම - الصفحة 3

18- “අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි.” යැයි පැවසූහ. එවිට ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැ?’යි විමසුවෝය. එතුමාණෝ: “නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කළ හැකි කිසිවෙක් බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත.”

28- කවරෙකු අදානය (සලාතය සඳහා වූ ඇරයුම)ට සවන්දුන් අවස්ථාවේ, اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ ("අහෝ මෙම පරිපූර්ණ ඇරයුම හා ඉටු කරනු ලබන සලාතයේ හිමිපාණනි! වසීලාව හෙවත් මැදිහත්වීම හා ෆළීලා හෙවත් මහිමය පිරිනමනු මැනව! ඔබ පොරොන්දු දුන් ප්‍රශංසනීය ස්ථානයේ ඔහුව අවදි කරනු මැනව!) යැයි පවසා සිටියේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත් වීම ඔහුට වලංගු විය." යැයි කීහ

33- කවරෙකු සෑම සලාතයකින් පසු තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර, තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි අල්ලාහ්ව ප්‍රශංසා කර, තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කර, එනම් එය අනූ නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් (නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු ‌නැත. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. සියලු ප්‍රශංසා ද ඔහුටම හිමි ය. ඔහු සියලු දෑ කෙරෙහි සර් ව බලධාරීය) යැයි පවසන්නේ ද ඔහුගේ පව් මුහුදු පෙණ තරම් තිබුණ ද ඒවාට සමාව දෙනු ලැබේ