මහිමයන්

මහිමයන්

22- ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්‍රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු

34- අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ක්‍රියාව කුමක් දැ?’යි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසුවෙමි. එතුමාණෝ: ‘සලාතය නියමිත වේලාවේ ඉටු කිරීම වේ’ යැයි පැවසූහ. ‘ඉන්පසු කුමක්දැ?’යි විමසුවෙමි. එතුමාණෝ: ‘දෙමව්පියන්ට උපකාර උවටැන් කිරීම’ යැයි පැවසූහ. ඉන්පසු කුමක්දැ?යි විමසුවෙමි. එතුමාණෝ: ‘අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම’

73- අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා!