කීර්තිමත් උත්තරීතර අල්ලාහ් පිළිබඳ විශ්වාසය

කීර්තිමත් උත්තරීතර අල්ලාහ් පිළිබඳ විශ්වාසය

16- සැබැවින්ම අල්ලාහ් යහපත් දෑ හා අයහපත් දෑ ලියා ඇත්තේය. පසු ව ඔහු ඒවා පැහැදිළි කළේය. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, එය සිදු නොකළේ නම් අල්ලාහ් ඔහු අබියස එය පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු ඒ ගැන සිතා, එය ඉටු කළේ නම් අල්ලාහ් ඔහු අබියස කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එමෙන්ම කවරෙකු යම් නපුරක් සිතා පසුව එය සිදු නොකළේ නම්, අල්ලාහ් ඔහු අබියස පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එය සිතා එය සිදු කළේ නම් අල්ලාහ් එක් පාපයක් ලෙස සටහන් කරයි

47- එසේ නම්, අපි කවර කරුණක් සඳහා ඔබට ප්‍රතිඥා දිය යුතුද?" යනුවෙන් විමසුවෙමු. එතුමාණෝ: “අල්ලාහ්ට නැමදුම් කරන මෙන් ද ඔහුට කිසිවක් ආදේශ නොකරන මෙන් ද පස්වේල සලාත් ඉටු කරන බවට ද අල්ලාහ්ට අවනත වන මෙන් ද.“ යැයි කීහ. තවදුරටත් එතුමා සිහින් වචනයෙන් “මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට ද ප්‍රතිඥා දෙන්න."යැයි කීහ

75- “සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.”