ප්රතිපත්තිය

ප්රතිපත්තිය

26- සැබැවින්ම අල්ලාහ් යහපත් දෑ හා අයහපත් දෑ ලියා ඇත්තේය. පසු ව ඔහු ඒවා පැහැදිළි කළේය. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, එය සිදු නොකළේ නම් අල්ලාහ් ඔහු අබියස එය පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු ඒ ගැන සිතා, එය ඉටු කළේ නම් අල්ලාහ් ඔහු අබියස කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එමෙන්ම කවරෙකු යම් නපුරක් සිතා පසුව එය සිදු නොකළේ නම්, අල්ලාහ් ඔහු අබියස පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එය සිතා එය සිදු කළේ නම් අල්ලාහ් එක් පාපයක් ලෙස සටහන් කරයි

28- ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රුකීම, දේව නිවහනෙහි හජ් වන්දනා ඉටු කිරීමට හැකියාව දරන්නේ නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම

86- , ‘ඔබ අපේ නායකයාණන්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමාණෝ: “නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය” යැයි පැවසූහ. අපි: ‘අපට වඩා ශ්‍රේෂ්ටත්වයෙන් උතුම්ය. අපට වඩා උදාරත්වයෙන් ඉමහත්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමා: “ඔබ ප්‍රකාශ කරන (සාමාන්‍ය) වදනින් හෝ ඔබේ ඇතැම් ප්‍රකාශවලින් පවසන්න. නමුත් ෂෙයිතාන් ඔබව වරදට නො පොළොඹවිය යුතුයි.”

94- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අන්සාර් වරුන් විෂයයෙහි මෙසේ පැවසූහ. "දේවත්වය විශ්වාස කළ අයකු හැර වෙනත් කිසිවෙක් ඔවුනට ආදරය කරන්නේ නැත. කුහකයකු හැර වෙනත් කිසිවෙක් ඔවුන් සමග උරණ වන්නේ නැත. කවරෙකු ඔවුනට ආදරය කරන්නේ ද අල්ලාහ් ඔහුට ආදරය කරනු ඇත. කවරෙකු ඔවුන් සමග උරණ වන්නේ ද අල්ලාහ් ද ඔහු සමග උරණ වනු ඇත